UPDATED STORY: විකිලීක්ස් ප්‍රධානි අසන්ගේ හට කොන්දේසි සහිතව ඇප ලබා දීමට අධිකරණය මීට සුළු වෙලාවකට පෙර තීරණය කළේය. කොන්දේසි අතර ඔහුට තමන්ගේ ගුවන් බලපත්‍රය ඇතුළු ලේඛණ කිහිපයක් අධිකරණයට බාර දීමට සිදු වූ අතර මීළඟ නඩු වාරය එළඹෙන වසරේ ජනවාරි 11 වන දාට කල් තබනු ලැබීය.
මෙම සේයාරුව මීට සුළු වෙලාවකට පෙර ගනු ලැබුවේ ජුලියන් බන්ධනාගාරය වෙත ගෙන එන අවස්ථාවේදීය |
ජුලියන්ට විරුද්ධව ලිංගික චෝදනා එල්ල වී ඇති අතර ඔහුට එරෙහිව චෝදනා කළ එක කාන්තාවක් සඳහන් කොට ඇත්තේ ජුලියන් අනවසරෙන් තමාට අතවර කළ බවයි. අනෙක් තැනැත්තිය කියා ඇත්තේ ජුලියන් තමා සමඟ ලිංගිකව හැසිරෙන විට උපත් පාලක කොපු භාවිත කිරීමට අකමැත්තක් දැක් වූ බවයි. කෙසේ වෙතත් ඔවුහු කියා ඇති පරිදි මෙම කාන්තාවන් දෙදෙනා සමඟ එක කාමරයක් රයක් ගත කිරීමට ජුලියන්ට ඔවුන් දෙදෙනා විසින්ම අවසර ලබා දී තිබේ.
Post a Comment