ජාතික ගීය: අපි කවිද? මොනවද කරන්නේ?


හර්ෂි සි. පෙරේරා


දෙවන ප්‍රභාකරන් කෙනෙකු බිහිකිරිම සදහා අවශ්‍යය පසුබිම නිර්මාණය වෙමින් තිබේ. එහි තරනාත්මක පියවර ගිය බදාදා අපේ කැබිනටිටුව විසින් ගනු ලැබිනි. ඒ ජාතික ගිය මින්පසු ඇසෙන්නේ සිංහල භාෂාවෙන් පමණක් බවට ගනු ලැබු තිරණයයි.

මෙම කැබිනටිටුවේ බුද්ධිමත් සහ සංවේදි ඇමතිවරු දෙදෙනෙකුට සිට ඇත්තේ වාසුදේව නානායක්කාරත් රාජිත සේනාරත්නත් පමණි. ඔවුන් දෙදෙනා මෙයට විරෝධය පලකර ඇත. අනෙක් සියලු දෙනා මෙම මොඩ තකතිරු වෛරි තිරණය සමගය. එහිලා ප්‍රමුඛත්වයේ සිටින්නේ විමල් විරවංශ අමාත්‍යයවරයාය.

ඉන්දියාවෙි තමිල්ආණ්ඩුවෙ මහ ඇමති කරුණානිධිි මහතා රාජපක්ෂ ආණ්ඩුවෙි මෙම පටු ජාතිවාදි ක්‍රියාව තරයේ හෙලා දැක ඇත. අපි ස්විස්ටර්ලන්තය උදාහරණයකට ගනිමු. එහි ජාතික ගීය භාෂා සතරකින් ගැයේ. ඒ ජර්මන්, ප්‍රංශ, ඉතාලි සහ රොමනැශ් වලිනි. රොමනෑශ්වරු ස්විස්ටර්ලන්තයේ පාරමිපරික සුලු ජන කොටිඨාශයක් වන අතර ඔවුන් එරට මුලු ජනගහනයෙන් 0.9% පමණක් නියෝජනය කිිරිිම මෙහි ඇති සුවිශේෂිත්වයයි. ශ්‍රෙෂ්ඨත්වයයි. මානුෂිකත්වයයි.

අපේ රටේ අපේ ආණ්ඩුව මොනවද කරන්නේ? ආණ්ඩුව අපේය. එහි සිටින්නේ අපේ නියෝජිතයින්ය. ඔවුන්ගේ සියලු තින්දු තිරණ සහ ක්‍රියාකලාපයන් අපව නියෝජනය කරති. මෙි සියල්ල ලෝකයාට පවසන්නේ අපි කවිද කියාය. එබැවින් අපට වගකිමක් ඇත. එනමි අපේ දුර්වලතාවයන් නිිවරැදි කර ගැනිිමට. අපේ නියොජිතයින් මුලු ලෝකයේම හාස්‍යයට ලක්වන ක්‍රියාවන් කරන විට එවාට විරුද්ධව අවිහිංසාවාදිව නැගි සිටිමට.


Tell a Friend