ප්‍රියදර්ශන ලියනගේ
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් මුහුණදී සිටින ගැටලුවලට හෙට (15 දා) පෙර පිළිගත හැකි ප්‍රායෝගික විසඳුමක් තැපැල්පතිවරයා සහ තැපැල් ඇමැතිවරයා මැදිහත්වී ලබානොදුන්නොත් සියලුම තැපැල් සේවකයින් ඒකරාශිකොට හෙට මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා මහා වැඩ වර්ජනයක් පැවැත්වීමට තැපැල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමයේ ලේකම් චින්තක බණ්ඩාර මහතා අපි තැපැල්පති වරයාටත් තැපැල් අමාත්‍යංශයේ ලේකම්වරයාටත් තැපැල් කටයුතු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාටත් ප්‍රධාන ඉල්ලීම හතක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපේ ඉල්ලීම්වලට තවමත් පිළිගත හැකි ප්‍රායෝගික විසඳුම් ලැබිලා නැහැ. තැපැල් දෙපාර්තමේන්තුවටත් තැපැල් සේවකයන්ටත් සෘජු ලෙසම බලපාන දෙවල් තමයි අපි ඉල්ලීම් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. තැපැල් කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා සමගත් පසුගිය 10 වැනිදා අපි මේ පිළිබඳව සාකච්ඡා කළා. එහිදී අපේ ඉල්ලීම් ලබා දෙන බව පොරොන්දු වුණා. නමුත් අපේ ඉල්ලීම්වලට තවම ප්‍රායෝගික විසඳුමක් ලබාදීලා නැහැ. 15 වැනිදා ට පෙර අපේ සේවක ඉල්ලීම් ලබා නොදුන්නොත් අපි 15 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනවා යෑයිද ලේකම් වරයා වැඩි දුරටත් පැවසීය.
Post a Comment