අමුලික බොරුවක් - සජිත්ට මුදල් දුන්නයි නැගෙන චෝදනාවට ටිරාන් පිළිතුරු දෙයි

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලක්ෂ හය හමාරක මුදලක් පක්ෂයේ විමධ්‍යගත අය වැයෙන් ලබා දුන් බවට නැගෙන චෝදනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත මීට සුළු වෙලාවකට පෙර අදහස් දක්වූ ඒ මහතා කියා සිටියේ මෙවැනි චෝදනා එල්ල කිරීම පදනම් විරහිත බවත් එය සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවයි.

එසේම මේ පිළිබඳව තමන්ගේ අදහස් දැන ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ කර ගත් විට හෙතම කියා සිටියේ, මේවා අමුලික බොරු බවත් එවැනි කිසිඳු මුදලක් ඔහුගෙන් තමන් අරගෙන නැති බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, " තමන්ගේ චරිත ඝාතනය කිරීම සඳහා පක්ෂයේම සිටින පිරිසක්" තමන්ට එරෙහිව කටයුතු කරමින් අසත්‍ය කට කතා පතුරුවන බවයි.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ගාඩියන් වෙත දුරකතනයෙන් සහ ඊ මේල් ඔස්සේ දැනුම් දුන් තොරතුරකින් කියවුණේ ටිරාන් අල්ලස් මහතා ලක්ෂ පනහක් වන පක්ෂයේ විමධ්‍ය ගත අය වැයෙන් ලක්ෂ හය හමාරක මුදලක් සජිත් ප්‍රේමදාසගේ දේශපාලන කටයුතු සඳහා වියදම කළ බවයි. එසේම තවත් මුදල් ප්‍රමාණයක් හෙතම විසින් තමන්ගේ මිතුරන් සමඟ ගනු දෙනු කිරීම් වලදී යොදා ගත් බවට චෝදනා එල්ල වී ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ගයක් අප වෙත දැනුම් දුන්නේය.

Tell a Friend