වීරවන්සගෙන් යලිත් " මාරාන්තික" ප්‍රකාශයක්; මෙවර ඔහු බ්‍රිතාන්‍යට බුරයි

ශ්‍රී ලංකාවේ අසමත් විදේශ ප්‍රතිපත්තිය කොළඹ විදීවල දෝරේ ගලයි 


රාජපක්ෂගේ පුද්ගලික සංචාරය විකුර්ති කළේ යැයි බ්‍රිතාන්‍යට දොස්

කොටි හිතවාදීන්ද මරා දමන බව කියයි

ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් රාජධානියේ පුද්ගලික සංචාරයක යෙදී සිටියදී රාජතාන්ත‍්‍රික ලෙස කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් විමල් වීරවංසගේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද පෙරවරුවේ කොළඹ බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විනි. මෙම විරෝධතාවය රුපවාහිනී සංස්ථාව ඉදිරිපිට සිට සටන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගෙන තානාපති කාර්යාලය වෙත ගමන් කලේය.

මෙහිදී අදහස් දැක්වූ මීට කලකට පෙර මාරාන්තික උපවාසයක් කොට කිලෝ තුනක් බර අඩු කරගත් ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ සියළු ශ‍්‍රී ලංකිකයන් එකා පිට එකා අවසන් හුස්ම හෙළමින් මැරී වැටුනද ජාතියේ මහා ජයග‍්‍රහණය නිර්මාණය කර දුන් සේනාධිනායකයා, ආරක්‍ෂක ලේකම්වරයා හෝ කිසිදු රණවිරුවෙක් ජාත්‍යන්තර යුධ අධිකරණයකට ගෙන යාමට ඉඩ නොතබන බවයි. මිනීමරු කොටින්ට මාරාන්තික පාඩම් කියාදුන් මෙරටින්ම, මෙරටට වින කටින්නට දතකන අධිරාජ්‍යවාදීන්ටද ඒ හා සමාන අත්දැකීමකට මුහුණ දීමට සිදුවීම අනිවාර්ය බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පි‍්‍රයංජිත් විතාරණ, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, මන්ත‍්‍රී අචල ජාගොඩ, හිටපු අමාත්‍ය පියසිරි විජේනායක ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ.

තානාපති කාර්යාලය අද දිනය තුළ වසා ඇති බව දැක්වෙන පුවරුවක් එහි දොරටුවේ දක්නට ලැබිණි.

ශ්‍රී ලංකාවේ අසමත් විදේශ ප්‍රතිපත්තිය විදි සටන් පාටයක් වී ඇති අයුරු

අද දිනයේදී වසා දැමු බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලයේ ගොඩනැගිල්ල වෙතට කෑ ගැසූ විමල්  වීරවංස 
 

Tell a Friend