පර්සි කුරුනේරු
අනුරාධපුර නගරයට පෙරේදා (14දා) සවස කිසිවෙකුත් අපේක්ෂා නොකළ අයුරින් එක්වරම ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවකින් නගරයේ පහත්බිම්වල පිහිටි නිවාස සියයකට වැඩි සංඛ්‍යාවක්, ප්‍රධාන හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවිය.
පෙරේදා සවස 6.30 ට පමණ එකවරම ඇද හැලුණු මෙම වර්ෂාව පුරා පැයකට ආසන්න කාලයක් පැවැතිණි.
මෙම වර්ෂාව හේතුවෙන් අනුරාධපුර නව හා පැරැණි බස්නැවතුම්පොළවල්, දහයියාගම, පුරගල පෙදෙස, මයිලගස්හන්දිය, කාර්මික පෙදෙස හා කඩ දොළහ වෙළෙඳ සංකීර්ණය පිහිටි ප්‍රදේශය ඇතුළු ස්ථාන රැසක කාණු පද්ධති පිටාර ගැලීම හේතුවෙන් පහත්බිම් ජල ගැල්මට හසුවූ අතර මාර්ගද ජලයෙන් යටවිය.
වර්ෂාවත් සමග නගරයේ වාහන ගමනා ගමනයටද දැඩි බාධා එල්ලවූ අතර, වර්ෂාව පහව ගොස් පැයකට පමණ පසු ජලයෙන් යටවූ මාර්ග හා නිවාසවල ජලයද බැස ගිය බව අනුරාධපුර නගරවාසීහු පවසති.
Post a Comment