හයිටියේ කොලරා වසංගතයෙන් මියගිය ගණන 2400 ඉක්මවයි

දරුණු භුමිකමවකින් පසු මේ වසරේදී තමන් මුහුණදෙන බලවත්ම සහ මාරාන්තික කොලරා වසංගත රෝගී තත්වය වාර්තාගත මට්ටමට පැමිණ ඇති අතර ඉන් මේ වනවිට මිය ගිය ගණන 2400 ඉක්මවා තිබේ. එරටින් ලැබෙන නවතම වාර්තා සඳහන් කරන්නේ මේ වනවිට මිය ගිය සම්පුර්ණ ගණන 2405 කි. එසේම රෝගය හඳුනා ගත් 109196 න් 54,500 ක් දෙනා රෝහල් වල ප්‍රතිකාර ලබති. එසේම පසුගිය සතියේ සිට මිය ගිය ගණන සීග්‍රයෙන් වැඩි වී ඇති අතර පසුගිය දින 06 තුළදී පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 210 කි.

Tell a Friend