EXCLUSIVE : ටිරාන් අලස් ජනරාල්ගේ සල්ලි යටි මඩි ගැහුවේද ?

විශ්‍රාමලත් ජනරාල් සරත් ෆොන්සේකා විසින් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය තුළදී එකතු කරගත් මුදල් වලට සිදු වූ දෙයක් නොමැති බව මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. ජනරාල් ෆොන්සේකා විසින් අදාල මුදල් වියදම් කිරීම සඳහා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි ටිරාන් අලස් පත් කරනු ලැබුවේ පසුගිය ජනාධිපතිවරණ සමයේ සිටය.

ශ්‍රී ලංකා ගාර්ඩියන් ආරංචි මාර්ග සඳහන් කරණ පරිදි එක් අවස්ථාවකදී ඔහුට මිලියන් 07 ක් ලබා දී ඇති අතර ඉන් මිලියන් 04 ක් ජවිපෙට ලබා දී ඇති නමුත් ඉතිරි මුදල වූ දෙයක් නැති බව පැවසේ. එසේම පසුගිය දින කිහිපය පුරාම විභාග වූ නඩුව සඳහාද ජනරාල් ෆොන්සේකාගේ අනුග්‍රාහකයින් විසින් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දී තිබේ. නමුත් ටිරාන් අලස් අදාල මුදල් සම්බන්ධව කිසිඳු විනිවිද භාවයකින් කටයුතු නොකරන බව ආරංචි මාර්ග කියා සිටියි. ටිරාන් තමන්ගේ මුදල් මෙන් ජනරාල්ට සහ පක්ෂයට ලැබෙන මුදල වියදම් කරනු ලබයි.

ටිරාන් අලස් පක්ෂ තුළ අභ්‍යන්තර ගැටුම් ඇති කරමින් සිටින ප්‍රධාන පුද්ගලයෙකු බවත් ඔහු තමන්ගේම දේශපාලන පක්ෂයක් තැනීම සඳහා හීන දකිමින් සිටින බවත් පැවසේ. එය ඔහු අත්හදා බලමින් සිටින්නේ ආණ්ඩුව සමඟ කළ ගනුදෙනුව ගෝඨාබය රාජපක්ෂගේ මැදිහත් වීම නිසා ප්‍රතික්ෂේප වූ හෙයිනි. Tell a Friend