EXCLUSIVE : නිල් චිත්‍රපට පිටුපස ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්

file photo - source: unknown

ලිංගික චිත්‍රපටිවල රැඟුවේ යැයි චෝදනා එල්ල කරමින් කාන්තාවන්ගේ සෙයරූ පල කිරීම පිටුපස රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රණයක්

බැසිල් රාජපක්ෂගේ සහ සජින් වාස් ගුණවර්ධනගේ සුදු කලාපයට එන සංචාරකයින්ට ලංකික ගෑනුන් විකිණීමට සැලසුම්

පසුගියදා ශ්‍රී ලංකා පොලිසියට ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් නීතිමය අවසර ලබා දීමෙන් පසු ඔවුහු විසින් ලිංගික චිත්‍රපට වල ගඟ පෑවේ යැයි කියමින් එක්තරා කාන්තාවන් පිරිසකගේ සේයා රූ පල කිරීම පිටුපස ඇති සැබෑ නායය පත්‍රය හෙළි වෙමින් තිබේ. ශ්‍රී ලංකා ගාඩියන් වෙත අදහස් දැක් වූ අපරාධ විමර්ශන කොට්ටාශයේ ජෙය්ෂ්ඨ නිලධාරියෙකු කියාසිටියේ අදාල චිත්‍රපට රට පුර තහනම් කරනවා යයි ප්‍රචාරය ගෙන යමින් ආණ්ඩුව කළේ එහි රඟපෑ කාන්තාවන් හඳුනා ගැනීම බවත් ඔවුන් ආණ්ඩුවට හෙවත් රාජපක්ෂ ජනාධිපතිවරයාට වඩාත් කිට්ටුවන්ත ඇමතිවරුන් දෙදෙනෙකු වන බැසිල් රාජපක්ෂ සහ සජින් වාස් ගුණවර්ධනගේ අවශතාවය උදෙසා විකිණීමට ඇති වටපිටාවක් නිර්මාණය කර ගැනීම බවයි.

මෙහිදී හෙතම වැඩි දුරත් කියා සිටියේ අදාල වැටලීම් සිදු කිරීම ආරම්බ වූයේ අදාළ දේශපාලකයින් දෙදෙනා විසින් සුදු පනතට අවශ්‍ය කෙටුම් පත් සකස් කරමින් සිටි මුල් අවදියේ බවයි. ඒ අනුව අදාල ව්‍යාපාරය තමන් යටතේ පාලනය විය යුතු බවත් අදාල නිල් චිත්‍රපට වලින් හඳුනා ගත් කාන්තාවන් කෙසේ හෝ අත්අඩංගුවට ගෙන සුදු කලාපයේදී සංචාරකයින්ට විකිණීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කළ යුතු බවටත් ඉහලින් නියෝග ලැබී තිබේ.

අදාල විඩියෝ පට තාක්ෂණික විශාරධයින්ගේ කිසිම පරීක්ෂණයකට භාජනය කර නොමැති අතර ඒවායෙන් බොහොමයක් පරිගණක තාක්ෂණය උපයෝගී කරගෙන ලංකාවේ කාන්තාවන්ගේ මුහුණු සහ ඊට ගැලපෙන ශරීර බද්ධ කොට තැනු ඒවා බව වාර්තා වේ. එසේම අදාල සේයා රූ පල කිරීම සඳහා දැනට ලංකවේ ප්‍රමුඛ බුකි කරුවෙකු වන ආණ්ඩුවේ මන්ත්‍රී තිලංග සුමතිපාලට අයත් දිනපතා පුවත් පත කටයුතු කොට තිබුණේ ඉහත කි ජනාධිපති රාජපක්ෂගේ නෑදෑයින් දෙදෙනාගේ සැලසුම ගැන මනා අවබෝධයකින් යුක්තව බව වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පොලිසිය සහ ඊට අනුකුලතාවය දැක් වූ අධිකරණය විසින් මේ වනවිට නියම වශයෙන් තාක්ෂණිකව පර්යේෂණ කොට ඔප්පුකොට නැති අදාල වීඩියෝ පටවල පෙනී සිටින 800 කට අසන්න කාන්තාවන් පිරිසකගේ ජීවිත කිසිඳු පැකිලීමකින් තොරව අනතුරේ හෙලා ඇත. ඇතැම් සත්‍ය ලිංගික චිත්‍රපට වලද අදාල කාන්තාවන් පෙනිසිටින්නේ අත් වැරැද්දෙන් හෝ භය ගැන්වීමෙන් බවද වාර්තා වේ. ඉන් බොහොමයක් ව්‍යාපාරික මට්ටමේ නොව තමන් වෙත පෙම්වතුන් ලෙස පැමිණි අය විසින් කළ කටයුතු වන බව අදාල උසස් පොලිස් නිලධාරියා අපට වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tell a Friend