රජුගේ පියාගේ මරණය සැමරුම මහා ඉහලින් - පාසල් ළමුන්ට නෙලුම් මල් තියා වඳින්නයැයි බලපෑම්

ලංකාවේ මෙතෙක් අප දැක ඇත්තේ බුදුහාමුදුරුවන්ගේ පිලිරු පමණක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල කර තනනු ලැබූ ආකාරයයි. නමුත් මියගිය සාමාන්‍ය මිනිසෙකුගේ සිරුර නිර්මාණය කරනු ලබන්නේ එම මියගිය පුද්ගලයාගේ ඇත්ත ප්‍රමාණයට මිස විශාල කොට නොවේ. නමුත් රාජපක්ෂ ජනාධිපති වරයාගේ පියා වන නැසී ගිය ඩි. ඒ. රාජපක්ෂ ඇමතිවරයා මරණයට පත් වී වසර 43 පිරිම නිමිත්තේ අද තංගල්ලේදී විවුර්ත කරනු ලැබූවේ ඇති විශාල පිළිමයකි .

අදාල "පිළිමය"ට මල් වලින් සංග්‍රහ කිරීමට රාජපක්ෂ පවුලේ සියලුම දෙනා සහ එහි හිතවතුන් සියල්ලම සහභාගී වූහ. එහිදී අදාල උත්සවයට සහභාගී කර වූ සියගණනක් වූ පාසල් සිසුන් සහභාගී කරවා ඇත්තේ නෙලුම් මලක්ද සහිතවය. ඒ සියලු දෙනාටම නෙලුම් මල් ලබා දී. ඒ. රාජපක්ෂ වෙනුවෙන් තැනු කොන්ක්‍රීට් "පිළිමය" ඉදිරිපිටදී වැඳ නමස්කාර කිරීමට බල කොට ඇත. එසේම ඉරිදා දිනයක් වූ අද දිනයේදී අදාල සිය ගණනක් වූ සිසුන්, දහම් පාසල් නොගොස් ඊට සහභාගී කර වීමට ආණ්ඩුවෙන් නියෝග එල්ල වූ බවද අපට වැඩි දුරටත් වාර්තා වේ. අපට ලැබුණු චායාරූප වලින් ඉහත පලවන්නේ එසේ හයක් හතරක් නොතේරෙන කුඩා ළදරුවන් පෝලිමේ ගොස් පිළිමයක් දෙස බලා වැඳ නමස්කාර කිරීමේ අති සංවේදී අවස්ථාවකි. Tell a Friend