රාජපක්ෂගේ "කාන්තා" බිය


නිලන්ත ඉලංගමුව

රාජපක්ෂ වූ කලි ගමේ චණ්ඩියකුගේ භූමිකාව රඟ පාමින් සිටින දේශපාලනඥයකි. ඔහු පාලකයෙකුට වඩා මර්ධකයෙකි. ඔහු සිංහල බෞද්ධයෙකුට වඩා හින්දු අන්තවාදී සිංහල බමුණෙකි. ඔහු උත්තම පුරුෂ ගති ඇත්තෙක්නම් තමාගේ පුතණුවන් වන නාමල් රාජපක්ෂ දේශපාලනයට අද දමා මෝඩ වීරත්වයක් ඔහුට ආදේශ කරන්නේ නැත.

සස්වාමි කතක් වරදෙහි බැඳුන පසු පෙලෙන සැකය හා සමාන සැකයකින් පෙලෙන ජනාධිපති රාජපක්ෂ තමන්ගේ හර්ද සාක්ෂිය සමඟ සටන් කරන ආකාරය සහ එමඟින් මානසික රෝගියෙකු වී සිටින ආකාරය ඉතා පැහැදිලිව දැක ගත හැකිය. ඉන්දියාවේ අංක එකේ පුවත් පත ලෙස සැලකෙන "ටයිම්ස් ඔෆ් ඉන්දියා" පුවත්පත අද (11-05) වාර්තා කොට තිබු පරිදි ජනාධිපති රාජපක්ෂ සැලසුම් කොට තිබු බ්‍රිතානය සංචාරය අත්හිටුවා ඇත. කදිමය. ඊට හේතුව ලෙස අදාල පුවත්පත වාර්තා කොට තිබු පරදී එකතරා දෙමළ සංවිධානයක් විසින් එනම් එම්මානුවෙල් පියනම විසින් මෙහෙයවන ගෝලීය දෙමළ සංසදය යුධ අපරාධ චෝදනා එල්ල කරමින් බ්‍රිතාන්‍ය නිතිය අනුව හෙතම ( ජනාධිපති වරයා) අත්අඩංගුවට ගැනීමට හැකියි කිසිවෙකු හෝ විසින් ලබා දුන් උපදේශයක් සැලකිල්ලට ගැනීමයි. නීති ක්ෂේත්‍රයේ කෙරුමා යයි සිතාගෙන සිටින මහාචාර්ය ගාමිණී ලක්ෂ්මන් පිරිස් හෙවත් ජි. එල්. වැනි "උත්තමයකු" එවැනි මෝඩ උපදෙස් රජතුමාට නොදුන්නේ යයි විස්වාශ කරමු. කෙසේ වෙතත් තමා කළ වැරදි වලින් හදවත ( එවැන්නක් තිබේ නම්) කැකැරේමින් සිටින රාජපක්ෂ වේලි සිටින තත්වය මින් ඉතා පැහැදිලි වේ.

අදාල තීරණය ගැනීම සඳහා ඔහුට උපදෙස් දුන් අයවලුන් චිලියේ ඒකාධිපතියා වූ වූ ඔගස්ටෝ පිනෝචේ උපුටා දක්වා ඇත. හෙතම විශ්‍රාම යාමෙන් පසු සිදුකල බ්‍රිතාන්‍ය සංචාරයේදී ස්කොට්ලන්ඩ් පොලිසිය විසින් 1998 දී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු විසින් කළා යැයි සැක කෙරුණ යුධ අපරාධ සැලකිල්ලට ගනිමිනි. ඉන්පසු ඔහු කළ යුධ අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේය. රාජපක්ෂ යනු තවමත් මෙරට ජනාධිපතිය. නමුත් ඔහුගේ ඇත්ත මනෝභාවයට අනුව හෙතම එසේ නොවන බව පෙන්වා දී තිබේ. මිලියන ගණන් වියදම් කොට තමාගේ ප්‍රතිරූපය පවතවාගෙන යාමට අරඅදින මේ සට කපටියාගේ ඇත්ත බියගුළු මානසිකත්වය වන්නේ එයයි. මෙම ලියුම් කරු මීට පෙර ලියුම් වලදී පෙන්වා දුන් ආකාරයට රාජපක්ෂ වූ කලි ගමේ චණ්ඩියකුගේ භූමිකාව රඟ පාමින් සිටින දේශපාලනඥයකි. ඔහු පාලකයෙකුට වඩා මර්ධකයෙකි. ඔහු සිංහල බෞද්ධයෙකුට වඩා හින්දු අන්තවාදී සිංහල බමුණෙකි. ඔහු උත්තම පුරුෂ ගති ඇත්තෙක්නම් තමාගේ පුතණුවන් වන නාමල් රාජපක්ෂ දේශපාලනයට අද දමා මෝඩ වීරත්වයක් ඔහුට ආදේශ කරන්නේ නැත. පෙනෙන හැටියට වසර 15 කින් පසු මේ ලෝකය කොතරම් වෙනස් වන්නේද, චන්ද දායකයා එම කාලයේදී සිතන්නේ කුමන මනොභාවයකින්ද යන්න සිතීමට තබා මීළඟ වසරේදී සිදුවන ගෝලීය වෙනස ගැනවත් අවබෝධයක් රාජපක්ෂට නැත. ඔහුට ඇත්තේ ගැට ලිහිම වෙනුවට තිබෙන ගැටය තද කිරීමට ඊට උඩින් තව ගැටයක් දමා අතීතය වළලා දැමීමේ මෝඩ පුරුද්දය. රාජ්‍ය පාලනය සහ භූමියේදී සතුරා එරෙහිව යුධමය සටන් ජයගැනීම අතර විශාල පරතරයක් තිබේ. යුධමය මෙහෙයුම් දිනු ආකාරයෙන් හෝ ඒ සඳහා භාවිත කළ මිනිස් විෂයන් භාවිත කොට රටේ හැම ගටලුවක්ම විසඳීමට නොහැකිය.

එය එසේ කළ හැකි නම් අද වන විට බුරුමය හොර රහසේ නමට හෝ මැතිවරණ පවත්වන්නේ නැත. එය සාර්ථකනම් උතුරු කොරියාවේ කිම් ජෝන් ඉල් තමන්ගේ බාල පුතණුවන් සිංහාසනයට වැඩම කරවන විට ඔහුගේම සොහොයුරා ජපානයේ සිට මේ යන ගමන වැරදියි කියන්නේ නැත. එසේ කළ හැකිනම්, කියුබාවේ ක්‍රමය අද වන විට ලෝකයට තබා අපිටවත් ගැලපෙන්නේ නැතැයි ෆිදෙල් කස්ත්‍රෝ කියන්නේ නැත. නමුත් අද වන විට රාජපක්ෂට කෝකටත් තෛලය මෙන් තිබෙන්නේ තමන්ගේ සොහොයුරාගේ සහ පවුලේ අවශ්‍යතාවය උදෙසා කොන්ද කඩා දැමූ හමුදාවකි. හමුදාව සේවයක් වෙනුව හමුදා ෆැක්ටරියක් ( කර්මාන්ත ශාලාවක් ) කොට තිබේ. "රණවිරු රියල් ස්ටාර්ලා"ගේ පිටුපස ඇති ඇත්ත කතාව වන්නේ එයයි. මෙය ඔප්පු කරමින් සිටින්නේ වෙන කිසිවක් නොව රාජපක්ෂ තමන්ගේ බලය රැක ගැනීම සඳහා කන කට්ටය. ඔහු කළ වැරදි නිසා ඔහුම මානසිකව වන්දි ගෙවන ප්‍රමාණයයි. තවදුරත් රාජපක්ෂගේ බලය රැක ගැනීම සඳහා වැදගත් වන්නේ මුදල් සහ අවිය මිස වෙන කිසිවක් නොවේ. මුදල මගින් ගණිකාවන් මෙන් එහෙ මෙහේ වැනෙන වුන් වෙන්දේසි කළ හැකිය. අවිය විසින් පවතින අයුක්තියට එරෙහිව සටන් වදින වුන් මෙල්ල කළ හැකිය. මෙම සන්දර්භය තුළ ජනතාව යනු පොලවට පොහොර කරන ජාතියක්ද නොඑසේනම් තමන් වෙනුවෙන් එහෙයි කියන ජාතියක්ද යන්න තීරණය කරන්නේ ඉහත සාධක දෙකයි. තමන් විසින් වරද පිළිගත් පොල් පොට් ජනතාව සමඟ කළ පර්යේෂණයේ ප්‍රතිපල අපි දනිමු. එහිදී කිසිවෙකු අඬනවා දුටුවහොත් එය අපරාධයක් ලෙස සලකා ඔහුට හෝ ඇයට වෙඩි තබා මරා දැමීමට අවසර දී තිබු කැමරූච් ගරිල්ලන් කළ විශ්වීය අපරාධය අපි දන්නෙමු. ඉතිහාසය බුල් ඩෝසර් කොට එය මත ඇතිරූ රතු පලස් මත ආසියාවේ ආශ්චර්ය ගොඩනැගිය හැකියි රාජපක්ෂ සිතන්නේ නම් අවශ්‍ය වන්නේ එය ඔහුගේ මානසික ප්‍රශනයක් ලෙස සලකා ප්‍රතිකාර ගැනීම මිස වෙන කිසිවක් නොවේ.

රාජපක්ෂ බ්‍රිතාන්‍යට යාමට බලාපොරොත්තු වූයේ ලෝක ප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනයක් කිරීමටය. අදාල ගමනේදී තමන් අත්අඩංගුවට ගනිවී යයි සලකා අත් හිටු වීමට තීරණය කිරීම තුළින් ගම්‍ය වන්නේ රාජපක්ෂ බ්‍රිතාන්‍ය නීතිය ගැන පමණක් නොව ඔක්ස්ෆර්ඩ් සරසවිය ගැනද සැක සිතන ප්‍රමාණයයි. මෙම සැකයේ ගොදුරක් බවට ඔහු පත්වන්නේ තමාට එරෙහිව බටහිර කුමන්ත්‍රණයක් පවතින්නේ යැයි දකිමින් සිටි මහා භයානක සිහිනයේ වින්දිතයෙකු ලෙසය. එසේම රාජපක්ෂගේ දේශපාලන ගමනට තල්ලුව දුන් සරත් ෆොන්සේකාගෙන් ඔහු පළිගත්/ගනිමින් සිටින තිරිසන් ආකාරය සහ ඔහුගේ මෝඩ උපක්‍රම නිසාම ෆොන්සේකා වීරයෙක් කිරීම මඟින් එය වඩාත් හොඳින් පැහැදිලි වේ. මැතිවරණ සමයදී " සුදු කොඩි" නඩුව පටලවමින් ෆොන්සේකාට හිමිවීමට තිබු චන්දය ගසා ගැනීමට යන්ත දැරූ ජනාධිපති වරයා ඔහු හිරේ දැමීමෙන් කළ හැකි යැයි සිතන්නේ ඔහුට විරුද්ධව එන ජනතා බලවේගය මැඩ පැවැත් වීමටය. ෆොන්සේකා එළියේ දේශපාලනය කරනවට වඩා වැලිකඩ බනධනාගාරයේදී ජම්පරය පිටින් කරන දේශපාලනය නිසා ඔහුගේ දේශපාලන හැකියාව වඩාත් වැඩි වන බව රාජපක්ෂ තේරුම් ගෙන නැත.

එසේ නම් 18 වන ව්‍යවස්ථා සංශෝධය මගින් මෙරට සබැ අපරාධකාරයින් මට්ටු කිරීම සඳහා පිහිටුවා තිබු ස්වාධින කොමිසන් සභා විසිරුවමින් ඒවා තමන්ගේ දේශපාලන අවි බවට පත් කර ගැනීමේ සබැ හේතුව සිතා ගත හැකිය. එසේම යළි යලිත් මැරෙන තුරාවටම මරණින් පසු එලොවදීද නීතියට ඉහලින් වැජබිමට රාජපක්ෂ සිහින් දැකීම සඳහා රාජපක්ෂ භාවිතා කරණ සිරියහන් ගබඩාවේ කොට්ටය ඇතුලේ තියන සබැ න්‍යාය පත්‍රය කුමක්දැයි හඳුනා ගැනීම අසීරු නැත. රටේ ජනතාව එදා වේල හොයා ගැනීම වෙනුවෙන් දහ දුකක් විඳිද්දී කොමිස් වැඩියෙන් ලබා ගත හැකි "මෙගා" ව්‍යපෘති වල ඇත්ත හදුනා ගත හැකිය. කොටි සංවිධානය පරාජය කොට වසර එක හමාරක් අවසනයේ අස්වැන්න ලෙස ලැබී ඇත්තේ එයයි. Tell a Friend