බන්ධනාගාරය අපරාධ උගන්වයි

හර්ෂි සි. පෙරේරා

බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් විසින් මෙහෙයැවෙතියි කියන මත්කුඩු ජාවාරමක් අල්ලා ගැනීමට කුරුණෑගල පොලිසියේ දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වූහයි වාර්තා වී තිබේ. (ලංකාදීප පුවත්පත)

මේ පුවත බන්ධනාගාරය තුළ සිදුවන අපරාධ් හෙළිදරවි කරයි. මේ සියල්ල ගැන සිතිමෙිදි වැලිිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිටි රමාන්ඩි සැකකාරියක් අප හා පැවසු දෙයද සිහිපත් වේ.

අනුලාවති 29 වන දින නිදහස් වුයේ වරදකරු කියා රු5000ක දඩයක්ද ගෙවිමෙනි. ඇය බන්ධනාගාරයේ වසර දෙකකුත් මාස දෙකක් සිටියාය. ඇයට එරෙහි වු චෝදනාව හෙරොයින් ලග තබා ගැනිමයි. අධිකරණයට රස පරික්ෂක වාර්තා ගෙන්ව ගැනිම සදහා 18 වාරයක් සිහිකැදවිමි කිරිමට සිදුවිය. රස පරීක්ෂක වාර්තාවට අනුව තිබුනේ කුඩු ඉතා අල්පමාත්‍ර ප්‍රමාණයක් වන අතර පොලිසියේ චෝදනාව වුයේ ඉට වඩා සිය ගුණයක පමණ ප්‍රමාණයකි.

අනුලාවතිට අනුව සිරගෙය අපරාධ ඉගෙන ගැනිමට හොද ස්ථානයකි. එහි සැලකියයුතු ප්‍රමාණයක් රැදවියන් ගංජා අබිං සහ හෙරොයින් භාවිතා කරති. එම කුඩු පැකටි එළියේ සිට තාප්පයට උඩින් ඇතුලට විසි කරනු ලැඛෙි. මෙි සියල්ල බන්ධනාගාර නිළධාරින්ගේ ඇස් වසා සිදුකෙරේ.

අපි බන්ධනාගාර පුනරුත්තාපනය භාරව සිටින බළධාරින් ගෙන් මෙිසේ අසමු. ඇයි ඔබලා තාප්පයට උඩින් දැලැක් ගැහිමට අවධානය යොමු නොකරන්නේ ?

Tell a Friend