නැවක් ඒමට පැයකට පෙර රජු තමන්ගේ නම කෙසේ හෝ එහි කොටා ගත්තේය

මාගම්පුර වරාය , මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය වෙයි!

ඓතිහාසික මාගම්පුර වරාය - මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය - ලෙස අද පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණි. මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට අභිමංගල යාත‍්‍රාව ලෙස පිවිසුණේ ජෙට් ලයිනර් නෞකාවයි. ජනාධිපති වරයාගේ කේන්ද්‍රය අනුව පෙරවරු 10.45 ට යෙදුණු සුබ මූර්තියෙන් නෞකාව වරායට පිවිසුනි.

මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය ජනාධිපතිවරයා අතින් අද විවෘත වීමත් සමග වරායේ දෙවන අදියරේ කටයුතු ද නිල වශයෙන් ආරම්භ විය. ඊට එක් වූ කතානායක සහ හිටපු වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය චමල් රාජපක්ෂ අද 65 වන ඡන්ම දිනය සමරන ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත තම සුබ පැතුම් එක් කළේය. ඉතිහාසයේ සිදු වූ පරිද්දෙන් මාගම්පුර වරායෙන් අය කෙරෙන බදු ආදායමින් අවට ප‍්‍රදේශවල විහාරස්ථාන සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබූ බව වාර්තා වේ.

පසුගිය අගෝස්තු මාසයේදී මිලියන 75 ක මුදලක් වියදම් කොට අදාල වරාය සැමරීමේ උළෙල පිළිබඳව ශ්‍රී ලංකා ගාඩියන් තැබූ සටනකින් කිය වුණේ අදාල වරාය රාජපක්ෂ වරාය ලෙස නම් කරනු ඇති බවයි. එම සටහන යලිත් මෙහිදී කිසිඳු සංශෝධනයකින් තොරව උපුටා දක්වන්නෙමු;

ඇයි "මාගම්පුර ", දාමුකෝ "ඩී. ඒ. රාජපක්ෂ" වරාය
(Link)

හම්බන්තොට, චීනය විසින් පළමු පියවර පමණක් ඉදිකරනු ලැබූ වරාය "මාගම්පුර" වරාය නමින් ඊයේ, රජුගේ ජන්ම පත්‍රයේ සුබ මුහුර්තියෙන්ද අහිංසක ජනතාවගේ කොටි 75 ක මහා දේශමාමක බදු පරිත්‍යාගයෙන් කරනු ලැබූ ප්‍රචාරක ව්‍යාපාරයෙන්ද කටයුතු ආරම්බ කරනු ලබූහ. තමාගේ දේශපාලන බඩගෝස්තරය සදහා මෙවලමක් වූ තරු හතරේ ජෙනේරල්වරයට විරුද්ධව නල්ලමලේ යුද අදිකරණයෙන් දුන් තීන්දුව අනුමත කරමින්, ගලවාගත් තරු හතරද ගෙන (කැකිල්ලේ) රජු " මගම්පුරට" වැඩියේ පුරාණ කාලයේ අන්තක් පුරයක් තියාගෙන පිස්සු කෙළපු නමුත් පසුව ගලේ කොටපු අකුරු නිසා වීරත්වයට පත් රජවරුන් සිහි ගන්වමිනි. මූණේ දැක ගත හැකි වූයේ වෙනදාට වඩා පුළුටු ගතියකි.

රජු ආයේය. ආපසු ඔහුගේ වැඩිමල් සහෝදරයා ඔහු හරසරයෙන් පිළිගත්තේය. කතානායක සහෝදරයා , ජනාධිපති සහෝදරයාට ස්තුති කළේය. ජනාධිපති සහෝදරයා - කතානායක සහෝදරයාට ස්තුති කළේය. පදනම වුනේ ඔහු වරායේ ඇමති කාලේ මේ මහා වරාය ගොඩනැගීමට පියවර ගත බවයි. බැරිවෙලාවත් ලොක්කට " හෙල්පින් හම්බන්තොට " ගැන කියවුනේ නැත. ඉවක් බවක් නොදැන ගුණ ගී කියන්න පටන් ගත් අගමැති තුමා අතින්වත් ට්‍රැක් එක පැන්නේ නැත්තේ ලොක්කගේ පිනටය. නාටකය තිරගත වුනේ ඔහොමය. මේවා දැකපු අපේ අයත් අනේ ඉතින් මේ උත්තමය මාර පොරනේ කියනු ඇත. වැඩේ දෙන්නේ චීනෙට සහ ඉන්දියාවට ඕන හැටියට ය. ලොක්කා කියන්නේ මේවා එයාගේ වැඩ කියාය.

එසේම රට ඇතුලේ ලෝකේ හදපු පළමු වරාය වන්නේ මෙයයි. අපි අපේ ගොඩබිම හාරලා මුහුද ඇතුලට ගත්තේය. අනෙක් රටවල් මුහුද ගොඩ කරලා ගොඩබිම වැඩි කරන්න මාන බලයි. රජුට සේම රජු වටේ සිටින කෙවට්ටයන්ට අනුව මේක මාර වැඩකි. අපට ඒ ගැන කියන්න දෙයක් ඇත්තේ නැත, නමුත් කාලයාගේ ඇවෑමෙන් එය කාට කාටත් තේරුම් යනු ඇත. කෙසේ වෙතත් ලෝකේ අනෙක් රටවල් වල අයට මුහුද ඇතුළට ගන්න තරම් මොලේ අමාරුවක් නැත. රජු කිව්ව හැටියට, ගාලු පාරේ වාහන යනවා වගේ මුහුදේ නැව් යන එක දැක්ක එතුමන්ට , " මාගම්පුර" වරාය හැදුවේ පාරේ යන වාහන වලට තෙල් ගහන්න හදන ෂෙඩ් එකක් වගේ මුහුදේ යන නැව් වලට තෙල් ගහන්නය. බැරිවෙලාවත් නැව් අවේම නැත්තන් කේ. පි., රජුගේ පිහිටට සිටිනු ඇත.

කතාව ඔතනින් ඉවරද? කොහෙත්ම නැත. තවත් ජුන්ඩක් තිබේ. ඒ ලොක්කා යන්න කලින් , මේ වරයාටත් රාජපක්ෂ නම දාගන්න එකය. එහෙම නොකළොත් මීළඟට එන කෙනා " මාගම්පුර" වෙනස් කරනවා නියතය.

Tell a Friend