ලාංකික මාක්ස්වාදියාට පකෂයෙන් එලවා දැමු ද්‍රෝහියා පින් දෙයි

විජේවීර සහෝදරයා හිටයනම් මට මෙහෙම නොවෙන්න තිබුණා... දෙයියනේ!!

එය අපුරු සිදු වීමකි. එනම් ලංකාවේ මාක්ස්වාදී දේශපාලනයේ පුරෝගාමින්ගෙන් එක් අයෙක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහොන විජේවීර මහතාට පින් පමුණුවා දානමය කටයුත්තක් කොට ඇතැයි වාර්තා වේ. අදාල වාර්තාවට අනුව පක්ෂයේ විනය කඩ කළේය යන චෝදනා මත පක්ෂයෙන් එලවා දැමු, එසේම පාර්ලිමේන්තුවේදී ඉකි බිඳිමින් හැඬුවාද යලිත් එම පක්ෂ පැත්ත පළාතකටවත් නොගත් විමල් වීරවංස විසින් පිහිටුවා ඇති ජාතික නිදහස් පෙරෙමුණ විසින් පිං පමුණුවා ඇත. මාක්ස්වාදයට අනුව ආගම අබිං වන අතර මාක්ස්වාදී නායකයෙකු සැමරීම සඳහා හින්දු බමුණු ක්‍රම අනුගමනය කිරීම හෙතමගේ චරිතය උපහාසයට ලක් කිරීමක් වේ. වරක්  එක්තරා ජවිපෙ මන්ත්‍රීවරයෙකු වීරවංශ සමාන කොට තිබුනේ අශුචි තවරාගත් ඌරෙකුටය. එනම් ඇඟ පුරා අශුචි තවරාගෙන ගඳ නිසා කිසිවෙකු ලං නොවීමෙන් තමන්ට සියල්ලම බිය වී ඇතැයි සිතමින් උද්දච්ච වී සිටි ඌරෙකු සම්බනධයෙක් ඇති ජනප්‍රවාද කතාවටය.

කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් 13 වන දින ලන්ඩනයේ බෞද්ධ විහාරස්ථානයේදී අදාල දානමය පංකමක් සිදුකෙරුණි. එහි සංවිධාන කටයුතු ජතික නිදහස් පෙරමුණේ බි‍්‍රතාන්‍ය ශාඛාව විසින් සිදුකරනු ලැබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජතික නිදහස් පෙරමුනේ සංවිධායක නිශාන්ත ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කර ඇත්තේ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු සාදරණීය සගයන් මියගොස් අවුරුදු 21ක්ම ගතවී තිබුණද, සම්ප‍්‍රදායික ආගමික කටයුතු ඉටු කිරීමට ජවිපෙ කිසිදු උත්සාහයක් නොගත් බවයි.

ඒසමේ ශ‍්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියට අනුව මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් දින හත, මාස තුන, අවුරුද්ද ආදී වශයෙන් පිං පමුණුවා දානමය දානමය පිංකම් සිදුකරනු ලබන බවත්, අවුරුදු 21කට පසුව හෝ එසේ ආගමික වතාවත් ඉටුකිරීමට හැකිවීම සම්බන්ධව සතුටට පත්වන බවයි. මෙම අවස්ථාවට රෝහණ විජේවීර මහතාගේ ඥාතීන් මෙන්ම ඔහුගේ හිතවතුන් පිරිසක්ද ශ‍්‍රී.ල.නි.ප. එක්සත් රාජධානි ශාඛාවේ කිහිප දෙනකේද සහභාගී වී ඇත. ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති, සඝනායක පූජ්‍ය බෝගොඩ සීලවංශ හිමියන් විසින් ආගමික වතාවත් කර ඇත.

Tell a Friend