රිසානා නිදහස් කර ගැනීමට සෞදි ශ්‍රී ලංකා තානාපති මැදිහත් විය යුතුයි

මහින්ද අලුත්ගෙදර

සෞදි අරාබියාවේදි මරණ දඬුවම නියම වී සිටින රිසානා නෆීක් නැමැති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව නිදහස් කර ගැනීම සඳහා එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා මැදිහත් විය යුතු බවට හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.

මෙම ගෘහ සේවිකාවට සමාව දෙන ලෙස සෞදි අරාබියානු රජුගෙන් ඉල්ලීමක් කරන ලෙසට ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙන බව ආසියානු මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්‍ෂ බැසිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

බිළිඳකු මරා දැමීම සම්බන්ධයෙන් වරදකරු කරමින් රිසානා නෆීක්ට මරණ දඬුවම නියම වී තිබෙන අතර ඇයව එම දඬුවමෙන් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද සෞදි අරාබියානු රජුගෙන් ඉල්ලීමක් කර ඇත.
Tell a Friend