ගෙල සිර කර ගැබිනි බිරිය මරා දැමූ සැමියාට මරණ දඬුවම නියම වේ

නුවරඑළිය මහාධිකරණයෙන් තීරණය වූ පළමු මරණ දඬුවම

ඩග්ලස්‌ නානායක්‌කාර

වලපනේ කුඹල්ගමුව පදිංචිව සිටි විසිහත් හැවිරිදි ගැබිනි මවක්‌ වූ, නීලා මාලනී වක්‌වැල්ල මහත්මියගේ ගෙල සිරකර මරණයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඇයගේ විවාහක සැමියා වූ විසිඅට හැවිරිදි රොෂාන් බණ්‌ඩාරනායකට නුවරඑළිය මහාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා (2 දා) මරණ දඬුවම නියම කළේය.

ඉකුත් වසරේ මැයි 31 දා නුවරඑළිය මහාධිකරණ සංකීර්ණය විවෘත වූ අතර මෙම මහාධිකරණයෙන් තීන්දු වූ ප්‍රථම මරණීය දණ්‌ඩනය මෙය වේ.

ඉකුත් 2005 වසරේ පෙබරවාරි මස 27 දා රාත්‍රි 11.30 ට පමණ නීලා මාලනී වක්‌වැල්ලගේ ගෙල සිරකර මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා වූ රොෂාන් බණ්‌ඩාරනායක අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබුණේ වලපනේ පොලිසිය විසිනි. Tell a Friend