කාන්තාවන් දෙදෙනා යටකර මරයි : මෝටර් රථය පලායයි

හේමන්ත රන්දුණු

බණ්‌ඩාරගම බොල්ගොඩ විහාරස්‌ථානයට ගොස්‌ ආපසු නිවෙස්‌ බලා යමින් සිටි කාන්තාවන් දෙදෙනකු (23 වැනිදා) රාත්‍රි 8.00 ට පමණ මෝටර් රථයක ගැටී විහාරස්‌ථානයට නුදුරු ස්‌ථානයකදී මරුමුවට පත්වී ඇත.

මෙම කාන්තාවන් දෙදෙනා යටකර මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර බණ්‌ඩාරගම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙම අනතුරින් මරුමුවට පත්ව ඇත්තේ බණ්‌ඩාරගම පදිංචිකාරියන් දෙදෙනකු වන 76 හැවිරිදි කේ. ජොසපින් වික්‍රමසූරිය සහ 67 හැවිරිදි මාග්‍රට්‌ ප්‍රනාන්දු යන අය බව හඳුනාගෙන ඇත.

මෙම අනතුර සිදුවන අවස්‌ථාවේ අධික වර්ෂාවක්‌ද පැවැති බව පොලිසිය පවසයි.

බණ්‌ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි. Tell a Friend