කරුණාරත්න ගමගේ
පොළොන්නරුව, සුංගාවිල මුස්‌ලිම් විද්‍යාලයට නුදුරු ප්‍රධාන නගරයේ දී අවුරුදු දොළහක් වයසැති පාසල් ශිෂ්‍යාවක් පෞද්ගලික බසයකට යටවී මියගොස් තිබේ.
මෙම අනතුරෙන් තුවාල ලැබූ ශිෂ්‍යාව පුලස්‌තිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත. ශිෂ්‍යයාව මියයැමෙන් පසු ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් අනතුර සිදුකළ බසයට ගිනි තබා විනාශ කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුලස්‌තිගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. මියගිය ශිෂ්‍යාව සුංගාවිල මුස්‌ලිම් විද්‍යාලයේ එම්. රිෆාද් නමැති ශිෂ්‍යාවක බව පොලිසිය කීවේය.

Post a Comment