රතඹලාගම පාසල් ශිෂ්‍යාවක්‌ අතුරුදන්

කරුණාරත්න පල්ලේගම

හම්බෙගමුව රතඹලාගම කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් ශිෂ්‍යාවක්‌ ඉකුත් 26 දා සිට අතුරුදන් වී ඇතැයි එම සිසුවියගේ දෙමාපියන් හම්බෙගමුව පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙසේ අතුරුදන් වී ඇත්තේ හම්බේගමුව රතඹලාගම පදිංචි රතඹලාගම කනිෂ්ඨ විද්‍යාලයේ 9 වසර ඉගෙනුම ලබන වයස අවුරුදු දහතුනක පාසල් ශිෂ්‍යාවකි.

මෙම පාසල් සිසුවිය ඉකුත් 26 දා උදැසන පාසල් ගොස්‌ නැවත නිවසට පැමිණ නැතැයි ඇයගේ දෙමාපියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කපිල ජයසේකර මහතාගේ උපදෙස්‌ මත හම්බෙගමුව පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ සිදුකරයි. Tell a Friend