මත්කුඩු ටින් 15,000 ක්‌ හැටන්-මස්‌කෙළිය පාරේ බෝක්‌කුවක

ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

නීති විරෝධී "එන්සී" නමැති මත්කුඩු අඩංගු ටින් 15,000 ක්‌ හැටන් මස්‌කෙළිය ප්‍රධාන මාර්ගයේ අලුත්ගාල බෝක්‌කුවක්‌ යට දමා තිබියදී පෙරේදා (31 දා) හැටන් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ විසින් සොයා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ අලෙවිය සපුරා තහනම් කර ඇති ඉන්දියාවෙන් ආනයනය කරන ලද මෙම මත් කුඩු අඩංගු ටින් විශාල ප්‍රමාණයක්‌ කඳුකරයේ වෙළෙඳ සල් වටලා අත්අඩංගුවට ගෙන සැකකරුවන් සමග පසුගියදා හැටන් දිසා අධිකරණය හමුවට පමුණුවා තිබිණි.

හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ආර්. ඩබ්. එම්. ස්‌වර්ණසිංහ මහතාගේ උපදෙස්‌ මත හැටන් මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ටී. චන්ද්‍රසේන මහතාගේ මෙහෙයවීම මත මෙම මත්කුඩු අඩංගු ටින් 15,000 සොයාගෙන තිබිණි. මෙම මත්කුඩු තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. Tell a Friend