මස්‌සිනාගේ ප්‍රහාරයෙන් සුරා බදු නියාමක මරුට

විජයසිරි විද්‍යාසේකර

පවුලේ සාමාජිකයන් අතර සිය නිවසේදී ඇතිවූ වචන හුවමාරුවකින් පසු සුරාබදු නියාමකවරයකුට සිය මස්‌සිනා විසින් යකඩ මල් පොච්චියකින් පහරදී මරා දමා ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි.

ගැටුමෙන් බරපතල තුවාල ලැබූ සුරාබදු නියාමකවරයා පසුගිය 29 වැනිදා රාත්‍රියේ කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්විය. මෙසේ මරණයට පත්වූයේ අලුත්ගම වැලිපැන්න පාරේ පදිංචි ලියනපල්ලිය ගුරුගේ සිරිපාල (57) නමැත්තෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට වාර්තාවක්‌ (30 වැනිදා) සවස ඉදිරිපත් කළ බව අලුත්ගම පොලිසිය පැවැසීය. Tell a Friend