රොහාන් ගුණරත්නට විමල්ගෙන් ප්‍රහාරයක්: "දිවයිනේ" කීර්තිගෙන් විශේෂ හෙළිදරව්වක්.

උපුටා ගැනීම : ලංකා නිව්ස් වෙබ්

එල්.ටී.ටී.ඊ සංවිධානයට සී4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සිට බිහිසුණු අවි ආයුධ සැපයූ කේ.පී නැමැති ඝාතකයාව නිදහස් කරන්නැයි පවසන ආචාර්ය රොහාන් ගුණරත්න මහතාගේ පසුබිම රජයේ ඉහළ පෙළේ බලධාරීන් අවබෝධ කරගත යුතු යැයි විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය අවධාරනය කර සිටී.

"ශ්‍රී ලංකා ගාඩියන් කතුවරයාගේ ඛෙදුම්වාදී වැඩපිලිවෙල හෙළිවේ" යන ශීර්ෂයෙන් යුතුව ගාඩියන් කතුවරයාට ප්‍රහාරයක් එල්ල කර ඇති එකී වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.

මේ වනවිට මව්බිමේ නායකත්වයට එරෙහිව ප්‍රභල ප්‍රහායක් එල්ලකරන ගාඩියන් කතුවරයාගේ රංගනය මෙරට ආරක‍ෂක බලධාරීන් විසින් විමසිල්ලෙන් බැලිය යුතු වේ. මෙම මෙහෙයුම සමාන වන්නේ, පසුගිය කාලයේ සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලාංකීය යුද විශේෂඥයා යැයි හඳුන්වා ගන්නා තැනැත්තා රජය වෙත යෝජනාවක් කරමින්, කොටි ජාත්‍යන්තර ආයුධ ජාලයේ ප්‍රධානියා වූ කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී. නිදහස් කර ඔහුට පූර්ණ සමාවක් දිය යුතු යැයි පවසා තිබීමටය.

අප විසින් හෙළිදරව් කරගනු ලැබූ විශ්වාසනීය තොරතුරුවලට අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රවෘත්ති වෙබ් අඩවියට මෙම වාර්තාව සපයා ඇත්තේ 'දිවයින' පුවත්පතේ ආරක‍ෂක වාර්තාකරු කීර්ති වර්ණකුලසූරිය මහතාය.

ලංකා ගාඩියන් කතුවරයාට පහරදීම සඳහා ඔහු දිවයින කාර්තෘ මණ්ඩලයේ ගාමිණී සුමනසේකර, බුලිත ප්‍රදීප් කුමාර, ජයන්ත චන්ද්‍රසිරි මෙන්ම 'දී අයිලන්ඩ්' පුවත්පතේ ප්‍රභාත් සහබන්දු සහ ශමින්ද්‍ර ප්‍රනන‍දු යන මාධ්‍යවේදීන්ගේ නම්ද ඈඳා ගෙන තිබේ. එමෙන්ම ගාඩියන් කතුවරයා මාධ්‍ය ෙක‍ෂ්ත්‍රයට හඳුන්වා දුන්නේ යැයි ආචාර්ය දයාන් ජයතිලක මහතාට චෝදනා එල්ල කොට ඇත. එසේ නම් සඳහන් කර ඇති සියලූ දෙනා සමගම කීර්ති වර්ණකුලසූරිය මහතා පෞද්ගලික අමනාපයෙන් පසුවන බව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ කරුණකි.
Tell a Friend