කොරියන් අවුල: ඇමෙරිකාව දකුණ වෙනුවෙන් - චීනය උතුර වෙනුවෙන් කරලියට


කොරියානු අර්බුධයේ අලුත්ම තත්වය


කොරියානු අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තරව අවදානය යොමු වී තිබේ. ඊයේ රාත්‍රියේදී ධවල මන්දිරයේදී ජනාධිපති ඔබාමාගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවති විශේෂ සාකච්චාව සඳහා එරට ආරක්ෂක බලධාරීන් රැසක් එක්ව සිටියහ. ඔවුහු දකුණු කොරියාවේ සිටින ඇමෙරිකානු තානාපති වරයා අවස්ථා කිහිපයකදී සජීවීව සම්බන්ධ කර ගනු ලැබුවේ පවතින තත්වයේ සත්‍ය තත්වය දැන ගැනීමටය.

මේ අතර මීට සුළු වෙලාවකට පෙර පල වූ නිව් යෝර්ක් ටයිම් පුවත්පත තම කතුවැකියෙන් කියා තිබුනේ පවතින්නේ අනතුරුදායක සෙල්ලමක් බවය. සුපුරුදු ලෙස උතුරු කොරියාවට චෝදනා එල්ල කොට ඇති අදාල පුවත් පතින් ඉල්ලා සිටියේ අර්බුදය සඳහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවයි.

එසේම ඊයේ රාත්‍රියේදී ජනාධිපති ඔබාමා දකුණු කොරියානු ජන්ධිපති ලී හට දුරකතනයෙන් කතා කොට කියා ඇත්තේ, මා ඔබ සමඟයි කියාය. එසේම දකුණු කොරියාව විසින් සිදු කරණ නාවික අභ්‍යාස දිගටම කරගෙන යාම සඳහා අවශ්‍ය සියලුම සහය ලබා දෙන බව හෙතම පොරොන්දු වී තිබේ. එහි මුලික පියවරක් ලෙස ගුවන් යානා රැඳවිය හැකි නාවික අංගනයක් වන ජෝර්ජ් වොෂින්ටන් නවුකාව දකුණු කොරියාව බලා ඊයේම ගමන් ඇරඹුවේය.

මේ අතර චීනය උතුරු කොරියාව වෙනුවෙන් පෙනී සිටින බවක් දක්නට ලැබේ. චීනය කිසිම අවස්ථාවකදී ඊයේ සිදු වූ ප්‍රහාරය ඒක පාර්ශවිය ප්‍රහාරයක් ලෙස දුටුවේ නැත. ඔවුහු කියා සිටියේ එය දෙපාර්ශවය විසින් කාලතුවක්කු ප්‍රහාර හුවමාරු කර ගත් බවයි. ඒ නිසා තත්වය ගැන ගැඹුරින් සලකා බැලීම වැදගත් බවයි.

කෙසේ වෙතත් අදාල ප්‍රහාරය ගැන හාන් කවිසියක්වත් නොදන්නා සේ හැසිරුණු උතුරු කොරියාවේ නායකයා වන කිම් ජෝන් ඉල් ඊයේ තම පුත්‍රයා වන උන් සමඟ සෝයා සෝස් කර්තමන්ත ශාලාවක් සහ වෛද්‍ය සිසුන් පුහුණු කෙරෙන පාසලක් නැරඹීමට ගියහ. එහිදී චීනය ගැන ගුණ ගායනා කළ හෙතම අනාගතය සඳහා සුදානම් විය යුතු ආකාරය ගැන සඳහන් කොට ඇත.


Tell a Friend