සිරකරු උදුල්ද මනුෂ්‍යයෙකි


හර්ෂි සි. පෙරේරා

මාධ්‍ය වාර්තාකරන ආකාරයට අන්තර් විශ්ව විද්‍යලයිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුමිකරුට වැලිකඩ සිරගෙදර නරක ආකාරයට සලකනු ලැබේ. මෙම සැලකිම බරපතල අපරාධ වලට වරදකරුවන් වු සිරකරුවන්ටද වඩා නරක බව තවදුරටත් වාර්තා වේ.

මේ පුවත මතක් කරදෙන්නේ වැලිකඩ සිරගෙය ඉදිරිපිට බිත්තියේ සටහන් කර ඇති වැකියයි. එනමි සියලු සිරකරුවෝද මනුෂ්‍යයෝය. මෙම සිරකරුවන් යන්නෙන් සැකකරුවන් හො වරදකරුවන් යනුවෙන් බෙදිමක් නැත. සැමට සමානව මානුෂිකව සැලකිය යුතුය.

උදුල් සමිබන්ධ සිද්ධය බන්ධනාගාර වල වධහිංසාව කෲර අමානුෂික හා පහත් කොට සැලකිමි පවතින බව තහවුරු කරන තවත් එක් නිදසුනක් පමණි. මේ තත්වය වැළැක්විය යුතුය. ඒ සදහා මාධ්‍යය ඔස්සේ කෑගැසිම පමණක් ප්‍රමාණවත් නොවෙි. ඒ සදහා ජත්‍යයන්තර සහයෝගය ලබා ගත යුතුව ඇත. මෙහිලා හොදම පියවර එක්සත් ජාතින්ගේ වධහිංසාවට එරෙහි වෛකල්පික ප්‍රටකෝලයට අත්සන් කිරිමයි.

අප දන්නා ආකාරයට ජනතා විමුක්ති පෙරමුණටත් අන්තරේටත් මානව හිමිකමි හා ජාත්‍යයන්තර ගිවිසුමි සමිබන්ධයෙන් පැහැදිලි ධනාත්මක චින්තනයක් නොමැත. අද දවසේ ලොව කිසිදු රටකට හුදකලාව දියුණු විය නොහැක. හුදකලාව සිය රටවැසියන්ගේ සුබසිද්ධිය ඇති කිරිමටද නොහැක.

උදුල්ගේ සිද්ධිය මත පිහිටා හෝ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි හවුල්කාර පක්ෂ එක්සත් ජාතිනගේ වධහිංසාවට එරෙහි වෛකල්පික ප්‍රොටකොලයට අත්සන් කරන ලෙස රජයට බලකල යුතුව ඇත.


Tell a Friend