එයා හරි බිසී - රජතුමා ගැන විදේශ ඇමති කියයි

ජනාධිපති රාජපක්ෂ බ්‍රිතානයේ සංචාරය අත්හිටුවීමට හේතු ඉදිරිපත් කරණ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ලහි ලහියේ නිවේදනයක් නිකුත් කරමින් එයාට හරියට වැඩ යැයි කියා ඇත. අදාල නිවේදනයට අනුව ජනාධිපතිවරයා ඉන්දියාවේ, ඇමෙරිකාවේ සහ චීනයේ සංචාරය කළ බවත් ඒවාහිදී කාර්ය බහුල වූ හෙයින්ද තමන්ගේ දෙවන ධූරය දිවුරුම් දීම සඳහා සූදානම් විය යුතු හෙයින් බ්‍රිතාන්‍ය ගමන අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් වේ. එසේම අදාල සංචාරය කල් දැමු බව කියන නිවේදනය, ඔහුගේ සංචාරය කෙරෙන්නේ කවදාදැයි සඳහන් කොට නැත. මේ අතර අද උදැසන පල වූ පුවත් වාර්තා එනම් ඔහුගේ ගමන අත්හිටු වූයේ අත්අඩංගුවට ගනිවී යැයි ඇති වූ බිය හේතුවෙන්ය; යන්න ප්‍රතික්ෂේප කොට ඇත. මාධ්‍යට චෝදනා කරමින් මාධ්‍ය තම අමාත්‍යංශයෙන් හෝ බ්‍රිතානයේ පිහිටි ලංකාවේ මහා කොමසාරිස් කාර්යාලයෙන් විමුසු නැති බව පවසා ඇත. එහෙත් අදාල තීන්දුව ගැන දැන ගැනීම සඳහා ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ප්‍රධාන පෙලේ මාධ්‍යන් රැසක් උත්සහ කළද අදාල දුරකථන වලින් ප්‍රතිචාර ලැබී නොමැත. Tell a Friend