අධිවේගී මාර්ග ධනවතුන්ට පමණයි

දක්‍ෂිණ අධිවේගයට ඇතුල් වෙන්න රු.150ක ටිකට්‌ එකක්‌!

ප්‍රියදර්ශන ලියනගේ

දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ගමන් කරන සෑම වාහනයකින්ම ප්‍රවේශ පත්‍ර ගාස්‌තු ලෙස රුපියල් 100-150 අතර මුදලක්‌ අයකරන බව මහා මාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල ඊයේ (5 දා) පැවසීය. කොට්‌ටාවේ සිට මාතර දක්‌වා ඉදිවන මාතර කොළඹ දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය 2011 වසරේ මැයි මාසය තුළදී සියලුම ඉදිකිරීම් කටයුතු අවසන් කර පාවිච්චියට පත්කිරීමට නියමිතය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ප්‍රවේශ පත්‍ර ගාස්‌තු ප්‍රමාණය රජය තවමත් නිශ්චිතව තීරණය කරලා නැහැ. නමුත් ප්‍රවේශ පත්‍ර ගාස්‌තුව ලෙස අය කරන මුදල බොහෝ විට රු. 100-150 අතර අගයක්‌ ගැනීමට ඉඩ තිබෙනවා. සමහර විට මෙම මුදල තවත් අඩුවිය හැකි යෑයිද කීය.
Tell a Friend