මේවා සහගහන අපරාධ: රජාගේ ලෝක වාර්තා කිරිබතින් කොළඹ කුණු කූඩ පිරේ!

පසුගියදා ජනාධිපති රාජපක්ෂගේ දෙවන වරට ජනාධිපති ලෙස වැඩ බාර ගැනීම සඳහා පැවති ඇති විශාල උත්සවයේ එක අංගයක් වූ මහා කිරිබත කෑමට පිරිස් ප්‍රමාණවත් ලෙස නොසිටීම නිසා නිදහස් චතුරශ්‍රයේ තබා තිබු කුණු කූඩ කිරිබතින් පිරිණු බව වාර්තා වේ. සාමාන්‍යයෙන් ලංකාවේ සංස්කෘතියට අනුව බත යනු ජීවමාන ආහාරය වේ. ඒවා නිසිපරිබෝජනයට නොගෙන විසි කිරීම, විසි කිරීමට අනු බල දීම වූ කලී සහගහන ශාප ලෙස කියනු ලැබේ. මේ නිසා ඉදිරියේ උත්පත්ති ලබන බවයන් වල කුසගින්නේ සිටීමටද සිදුවන බව පැවසේ. කෙසේ වෙතත් කිලෝග්‍රෑම් 15,000 ක් අපුරු කිරිබත කොළඹ කුණු කූඩ පිර වූ ආකාරය අද ( 11/21) පලවූ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපලන තීරු ලිපියේ පළකර තිබු චායාරූප මෙහි පල වේ. Tell a Friend