වසර 2 1/2 ක ළදැරිය අනාරක්‌ෂිත ළිඳට බිලිවේ

මහිලාල් පද්මසූරිය

බදුරලිය පොලිස්‌ වසමට අයත් තුඩැල්ල ප්‍රදේශයේ අනාරක්‌ෂිත ළිඳකට වැටීමෙන් වසර දෙකහමාරක ළදැරියක්‌ (21 දා) ඊයේ උදෑසන අවාසනාවන්ත ලෙස මිය ගොස්‌ තිබේ.

ඕෂදී නිකේතනා නමැති මෙම දැරිය ළිඳට වැටීමෙන් පසු ගොඩගෙන රෝහල් ගත කළ ද ඒ වන විටත් මියගොස්‌ සිට තිබේ. මේ පිළිබඳව බදුරලිය පොලිසියේ ස්‌ථානාධිපති දමිත් ජයතිලක මහතාගේ මූලිකත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වේ. Tell a Friend