චීනයට තවත් කොන්ත්‍රාත්තුවක්: ලොව පස්වැනි උසම "නෙලුම් කුළුණ" ලංකාවේ ඉදිරිකිරීමට යයි

* ඩොලර් මිලියන 200 ක කොන්ත්‍රාත්තුව චීනයට

* උස මීටර් 350 කින් සහ මීටර් 250 නෙලුම් මලක හැඩයෙන් යුත් යුත් කුළුණ පැලියගොඩ ඉදි කෙරෙයි

* කුළුණේ කරයුතු වසර තුනකින් නිමකිරීමට සැලසුම්

ලෝකයේ උසම කුළුනු පහ ලෙස පිලිවෙලින් ෂැංහයි කුලුන, බීජිං කුලුන, බර්ලින් කුලුන, ටෂ්කෙන්ට් කුලුන හා අයිෆල් කුලුන සැලකෙන අතර ලංකාවේ ඉදිකිරීමට නියමිත නෙළුම් කුලුන උස මීටර 350 ක් වේ. ප්‍රංශයේ පිහිටි අයිෆල් කුලුන මිටර් 324ක් උසින් යුක්ත වන අතර එවිට ලංකාවේ ඉදිකිරීමට යන මෙම කුලුන අයිෆල් කුලුනට වඩා මීටර 26 ක් උසය. එබැවින් මෙම කුලුන ලෝකයේ උසම කුලුනු අතරින් 5 වන ස්ථානය හිමි කර ගනී. අදාල කුළුණ ඉදි කිරීම සඳහා චීනයේ ඉදිකිරීම් ශිල්පින් භාවිත කරන බව ආරංචිමාර්ග සඳහන් කරයි.

එමෙන්ම මෙය කොළඹ පිහිටි ලංකාබැංකුවේ ගොඩනැගිල්ල මෙන් තුන් ගුණයක් උසය. පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිවන මෙම කුලුනේ මීටර 250ක් උසින් නෙළුම් මලක් ආකාරයේ හැඩයක් ගන්නා අතර එය තට්ටු 7 කින් සමන්විත වේ.මෙහි සිව්වන මහලේ කරකැවෙන ආපනශාලාවකින් යුක්ත වේ. මෙම ආපනශාලාව තුල එකවර මිනිසුන් 6000 කට පමන ආහාර ගැනීමට හැකියාව ඇත.එමෙන්ම පොළව මට්ටමේ සිට මීටර 250ක් ඉහලින් දැවැන්ත උත්සව ශාලාවක් පිහිටුවන අතර එහි එකවර අමුත්තන් දහසකට පහසුකම් සලසයි.

පළමු හා දෙවන තට්ටුව රූපවාහිනී හා ගුවන් විදුලි හා ජංගම දුරකතන ආයතන සිය විකාශන කටයුතු තව දුරටත් පුළුල් කර ගැනීම සදහා ලබා දෙයි.මෙහි සත් වන මැදිරිය පොළව මට්ටමේ සිට මීටර 250 ක් ඉහලින් පිහිටන අතර එහි නැරඹුම් මැදිරියකි. කුලුනේ පාදම තට්ටු හතරකින් සමන් විත වන අතර එහි ආපනශාලා, සාප්පු සංකීර්ණවලින් යුක්ත වේ. මෙම තට්ටු සදහා ස්වයංක්‍රීය පියගැටපෙලවල් 16 කින් සමන් විත වන අතර කුලුනේ ඉහලට යෑම සදහා විදුලි සෝපානයන් 5ක් සවි කෙරේ. මෙම එක් සෝපානයක එක වර පුද්ගලයන් 25 දෙනෙකුට ගමන් කල හැක. මෙහි මීටර 250 ක උසක් යෑමට ගතවන්නේ තප්පර 30 ක පමණ කාලයකි.

මෙය ඉදිකෙරෙන ඉඩම අක්කර 20 ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්තවන අතර එහි සුපිරි උයනක් ද ඉදිකෙරේ. මෙම උයනේ රෝලකෝස්ස්ටර් වැනි අංගයන් ගෙන් සමන් විතවන අතර දැනට ලංකාවේ ඉදිවන සුපිරිතම විනෝද උයන මෙය වේ.මෙම දැවැන්ත කුලුන ඉදිකිරීම චීන සමාගමක් යටතේ සිදුකෙරෙන අතර මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100 කි. මෙම දැවැන්ත කුලුන වසර තුනක් අවසන් කිරීමට නියමිතය.
Tell a Friend