අන්තිමේදී සරසවි සිසුනට ඇප

කොළඹ වෝඩ් පෙදෙසේ සරසවි ප්‍රතිපාදන කොමිසම භූමියට ඇතුළු වී රුපියල් ලක්ෂ එක හමාරක අලාභයක් සිදු කළැයි රිමාන්ඩ් බාරයේ සිටි සරසවි සිසුන් 21 දෙනාට තරයේ අවවාද කළ කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඔවුන් රුපියල් විසිපන්දාහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අද නියෝග කළාය. ඉතා දුක් මහන්සි වී නිදහස් අධ්‍යාපනය ලබන සරසවි සිසුන් දේශපාලනයට පෙර උගෙන ගත යුතුයැයිද මීට පසුව මෙවැනි දේට හවුල්වුවහොත් ඇප නොදෙන්නේ යැයිද විනිසුරුවරිය කීවාය. අනුන්ගේ ඉත්තන් නොවී සරසවි ආ කාරිය කැර ගන්නැයිද ඕ ඔවුනට අවවාද කිරීමට ඇය අමතක කළේ නැත. Tell a Friend