යුද්ධාධිකරණයේ අතීත විත්තිකරුවෝ

ස්‌ටැන්ලි සේනාධීර
මෙම ලිපියට කරුණු උපුටා ගන්නා ලද්දේ චූරන්ඩි අප්පුහාමිගේ "ද කැන්ඩියන්ස්‌ ලාස්‌ට්‌ ස්‌ටෑන්ඩ් එගේන්ස්‌ට්‌ ද බ්‍රිටිෂ්" නමැති ග්‍රන්ථයෙනි.


1948 මාතලේ සහ කුරුණෑගල කැරැල්ල මර්ධනය කිරීමෙන් පසු එහි විත්තිකරුවන්ට දඬුවම් දීම සඳහා පිහිට වූ යුධ අධිකරණයේ 5 වැනි විත්තිකරු වූයේ "ඩිංගිරාල" ය. හෙතම කුරුණෑගල "ව්‍යාජ රජු" වශයෙන් පෙනී සිටීම සහ බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීම යන චෝදනා යටතේ වෙඩි තබා ඝාතනය කොට සිරුර කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්‌ථානයක දින 04 ක්‌ එල්ලා තැබීමට තීන්දු කෙරිණ.


යුධ අධිකරණ ගැන සනදහන් කරන මෙවන් අවස්ථාවක ,මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයින් සුද්දන් අප රට තුළ යුධ අධිකරණ පවත්වා දඬුවම් කරනු ලැබූ ජාති හිතෛෂීන් ගැන මේ වේලාවේ මෙනෙහි කිරීම සුදුසු යෑයි සිතමු.

ක්‍රි.ව. 1848 මාතලේ හා කුරුණෑගල කැරැල්ලේදී යුධ අධිකරණයට මුහුණ දී මරණීය දණ්‌ඩනය හෝ රටින් පිටුවහල් හෝ යන දඬුවම් දෙකින් එකකට මුහුණදුන් ජාතිහිතෛෂින් බොහෝය.

යුධ අධිකරණයේ 25 වැනි විත්තිකාර "කුඩහපොල උන්නාන්සේ" (කුරුණෑගල) කැරැලිකරුවන් සමග කුමන්ත්‍රණය කිරීම, ව්‍යාජ රජු වශයෙන් පෙනී සිටි පුද්ගලයා පිළිබඳ තොරතුරු දැන දැනත් ඒවා වසන් කිරීම, අගෝ. 17 වැනි දින හෝ ඒ ආසන්නයේ දිනක "කිරි බණ්‌ඩා" නමැති කැරැලිකරුවෙකුට දිවුරුම්දීමේ කටයුත්තක්‌ කිරීම යන චෝදනා යටතේ වැරදිකරු වූයෙන් අගෝ. 26 දින දී උන්වහන්සේ තමා හැඳ සිටි බුද්ධ චීවරය පිටින්ම වෙඩි තබා ඝාතනය කෙරිණ.

5 වැනි විත්තිකරු වූ "ඩිංගිරාල" නමැත්තෙක්‌ කුරුණෑගල "ව්‍යාජ රජු" වශයෙන් පෙනී සිටීම, බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීම යන චෝදනා යටතේ වෙඩි තබා ඝාතනය කොට සිරුර කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්‌ථානයක දින 04 ක්‌ එල්ලා තැබීමට තීන්දු කෙරිණ.

8 වැනි විත්ති පාර්ශ්වයට හේවාශූරගේ "පුරන් අප්පු" සහ යක්‌දෙබැද්දගේ" අල්ලිස්‌ යන දෙදෙනා ඇතුළත් වූහ. මෙහි "පුරන් අප්පු" යනු අප වීරයා වන සුප්‍රසිද්ධ "පුරන් අප්පුය". මොවුහු පහත රැටියෝය. කැරලිකරුවන් බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීම, දොන් කොර්නේලිස්‌ නමැත්තෙකු සහ තවත් කීප දෙනෙකු ඝාතනය කිරීම, වෙඩිබෙහෙත් පුරවාලූ තුවක්‌කු තමන් සන්තකයේ තබාගැනීම යනාදී චෝදනා යටතේ වැරදිකරුවන් කරනු ලැබූහ. 1848 අගෝ. 08 වැනි දින "පුරන් අප්පු" වෙඩිතබා ඝාතනය කෙරිණ. අනෙක්‌ දෙදෙනා වසර 14 කට රටින් පිටුවහල් කරනු ලැබීය.

9 වැනි විත්තිකාර පාර්ශ්වයට කුරුණෑගලින් අප්පුහාමි, කෝරාළ බොටර්හාමි, තුවාහාමි (පහතරට) යන අයවලුන් ආයුධ රැස්‌කර තබාගැනීම, පිහියෙන් ඇන ඇසන් කෞන්" නමැත්තා මරාදැමීම, "කමුර්සලේවත්තේ" කම්කරු පිරිසකට පහරදීම, එම වත්ත මංකොල්ලකෑම යන චෝදනා යටතේ වැරදිකරුවන් වූ ඔවුන් වසර 14 කට රටින් පිටුවහල් කෙරිණ.

මාතලේ "රටේ මහත්මයාව" සිටි දිසානායක මුදියන්සේලාගේ කළු බණ්‌ඩාද 9 වැනි විත්තිකාර පාර්ශ්වයට අයත් වින. තවද ඔහු (රටේ මහතා) "ව්‍යාජ රජු" ලෙස පෙනී සිටි තැනැත්තා සමග ආරක්‍ෂා සහිතව ගමන් කිරීම සහ බ්‍රිතාන්‍ය රජයට පක්‍ෂපාතී නොවීම යන චෝදනා යටතේ ජීවිතාන්තය තෙක්‌ රටින් පිටුවහල් කිරීමට තීන්දු විය. එසේ ඔවුන් පිටුවහල් කරන ලදහ.

10 වැනි විත්තිකරු වශයෙන් සිටි කුරුණෑගල "රංහාමි" බ්‍රිතාන්‍ය සොල්දාදුවන් දෙදෙනෙකුට වෙඩි තැබීම හා සැඟවී සිටීම යන චෝදනා දෙක යටතේ එදිනම (යුධ අධිකරණය රැස්‌වූ දිනම) වෙඩිතබා මරා දැමින.

14 වැනි විත්තිකාර පාර්ශ්වයට එතරිවැල්ලේ ආරච්චි (කුරුණෑගල) එතරිවැල්ලේ පුංචිරාල, එතරිවැල්ලේ අප්පුහාමි, එතරිවැල්ලේ ඔකරාල, පිටනොල්ලේ පුංචිරාල (කුරුණෑගල සියලුදෙනා) යන අයවලුන් කිනම් ආකාරයේ හෝ අවියක්‌ දැරීම, "රොබට්‌ලී" නමැති සුද්දාගේ දේපොළ මංකොල්ලකෑම යන චෝදනා යටතේ වැරදිකරුවන් වූ අතර පළමු තිදෙනා වසර 14 කට රටින් පිටුවහල් කරන ලද අතර අනෙක්‌ දෙදෙනා වසර 7 කට රටින් පිටමං කරන ලදහ.

1848 සැප්තැ. මස පැවැති යුධ අධිකරණයට ඉදිරිපත් කරන ලද "හොජි, වෙරනෙට්‌ටි, අප්පු තට්‌ටි, ආරුමුගම්, කනේවෙසියන් යන මලබාර් දෙමළ ජාතිකයන් 5 දෙනා තමන් වෙත ආරක්‍ෂා කිරීමට භාරදුන් දේපොළ වස්‌තුව සොරාගැනීම යන චෝදනාව යටතේ යුධ අධිකරණයට ඉදිරිපත් කොට තිබුණද ඔවුහු "පුරන් අප්පු" අල්ලාගැනීම පිණිස උදව් උපකාරකොට ඇති බැවින් ඔවුන් ගැන අනුකම්පා කළ අධිකරණය ඔවුන්ට ශාරීරික දඬුවම් දීමට තීරණය කළ මුත්, පසුව එයද අත්හැර දැමින.

"ව්‍යාජ රජුට" උදව් උපකාර කළ අප්පුහාමි අඹගස්‌වැවේ කෝරලේ, වන්නිහාමි, කඩමාවේ ආරච්චි සහ මද්දලේහාමි රත්මලේ ආරච්චි (කුරුණෑගල) යන සියලු දෙනාම ආයුධ දැරීම, ව්‍යාජ රජුට උපකාර කිරීම යන චෝදනා යටතේ එදිනම (යුධ අධිකරණය පැවති දිනම) වෙඩිතබා මරා දෙමනු ලැබීය.

කුරුණෑගල "මල්හාමි" වසර 14 කට රටින් පිටුවහල් කිරීමටද, ඩිංගිරාල, අප්පුරාල, එගොඩගෙදර අප්පුරාල, සරනේලිස්‌, පොලිගෙරාල, මුල්හාමි, පුංචිරාල, ඩිංගිරාල, ගැනුමේරාල, පිහිනරාලෙ ගෙදර අප්පු, සිදේරා මිහිපිටිය, සල්ලිනාතු පුංචිරාල යන අය කැරැල්ලට සහභාගිවීමේ චෝදනාව යටතේ වැරදිකරුවන්වී රටින් පිටුවහල් කරන ලදී.

බාලවයස්‌කාරයන්ව සිටි කුරුණෑගල කිලිනෝවා පුංචිරාල සහ උකුවැල්ලේ ජාතු යන දෙදෙනා වසර 7 කට රටින් පිටුවහල් කරන ලද අතර එම නඩුවටම ඉදිරිපත්කර සිටි බර්බා ආරච්චි, කිරි බණ්‌ඩා, උක්‌කුවැල්ලේ බණ්‌ඩා යන අය සිවුදෙනා රාජද්‍රොaහි චෝදනා යටතේ වෙඩි තබා මරා දමන ලදහ.

ඉහත නම් සඳහන් ජාති හිතෛෂීන් අතර කැපී පෙනුනේ "කුඩහපොල උන්නාන්සේ" සහ "පුරන් අප්පු" යන දෙදෙනාය.

යුද්ධාධිකරණයක්‌ නොවූවත්, ක්‍රි. ව. 1835 පැවැති රාජද්‍රොaහි කුමන්ත්‍රණ නඩුවේ විත්තිකරුවන් වූයේ.

1. මොල්ලිගොඩ මහ අදිකාරම
2. දුනුවිල දිසාවේ
3. දඹෑවේ උන්නාන්සේ
4. තිබ්බොටුවාවේ උන්නාන්සේ
5. කැටේකුඹුරේ උන්නාන්සේ
6. බඹරදෙණියේ බස්‌නායක නිලමේ යන අයයි.

දින 9 ක්‌ පැවැති එම නඩුව පූරිසභාවක්‌ ඉදිරියේ විභාගයට ගන්නා ලද අතර විනිසුරු වූයේ ඩබ්. නෝරිස්‌ විනිසුරුතුමාය. විත්තිකරුවන් වෙනුවෙන් ස්‌ටේපල්ස්‌ නීතිඥවරයා පෙනී සිටියේය. පැමිණිල්ල රාජනීතිඥ කාර් විසින් මෙහෙයවන ලදී.

විත්තිකරුවන්ට චෝදනාව වූයේ රජු මැරීමට කුමන්ත්‍රණය කිරීම, රටේ සෙසු පළාත්වල රාජ්‍ය විරෝධී කැරැල්ලක්‌ ඇති කිරීමට උත්සාහ කිරීම හා තුන්වෙනුව, රජු සිහසුනින් පහ කිරීමට කුමන්ත්‍රණය කිරීම යනාදියයි. මෙම විත්තිකරුවන්ගේ රාජද්‍රොaහි ක්‍රියා 11 ක්‌ සාක්‌කි සහිතව ඔප්පු කිරීමට පැමිණිල්ල සූදානමින් සිටියහ.
Tell a Friend