"රටට මහා අපල කාලයක්: ජනාධිපති පදවිප්‍රාප්ති උළෙල පැවැත්වෙන්නේ මළ දවසක"

ජනාධිපති රාජපක්ෂ මහතා දෙවැනි වර පදවි ප්‍රාප්තිය සඳහා පැවැත්වෙන දිනය ලංකාව පිහිටි භූ විෂමතාව සහ එහි ග්‍රහචරය අනුව මළ දිනයක් බව ප්‍රකට ජෝතිර්වේදියෙකු අපට ප්‍රකාශ කළේය. බොරු චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති නිසා තමන්ගේ නම පල නොකරන ලෙස ඉල්ලා සිටි අදාල ජෝතිර්වෙදිය ලංකවේ සිටින ප්‍රධාන පෙලේ ජෝතිර්වේදියෙක් වන අතර හෙතමගේ අනාවැකි සඳහා විස්වාශදායි පිළිගැනීමක් තිබේ. අදාල උත්සව පැවැත්වෙන්නේ මළ දිනයක බව හෙතම සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාල දිනය ජනාධිපති වරයාගේ උපන් වෙලාව අනුව යම් කිසි ගැලපීමක් තිබෙන හෙයින්ද එවැනි යාන්තමින් හෝ ගැලපෙන වෙලාවක් ජනධිපතිවරයාගේ කේන්ද්‍රයට අනුව උදාවෙන්නේ තවත් වසර පහකින් හෙයින්ද මෙම දිනය තෝරා ගැනීමට ඇති හෙතම විස්වාශ කරයි. නමුත් මෙවැනි මළ දිනයක ජාතික මට්ටමේ උත්සව පවත් වුවහොත් ස්වභාවික විපත් ( සාගත, ගංවතුර, නාය යෑම) , බලවතුන්ගේ ආක්‍රමණ, පවුලේ සහ තම මිතුරන් අතර අසමගිය, සේම සෞක්‍ය අතින් පිරිහීම වැනි අතිශය හානිකර ප්‍රතිපල වලට මුහුණ දීමට සිදු වෙන බව හෙතම ප්‍රකාශ කරයි.

එනිසා අදාල උළෙල පැවැත්වෙන දිනය වෙනස් කිරීම මගින් එය යාම තාක් දුරකට අඩු කර ගත හැකි අතර. රටේ පාලකයා හැකි තරම් පින් දානමය පින්කම් කළ යුතු බව අවදාරණය කොට සිටියි. Tell a Friend