මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ දිවුල්පැලැස්‌ස රොටලවෙල අංක 1/43 හි පදිංචි දරුවන් සිව් දෙනකු සිටින ගොවි පවුලක්‌ය. ඉකුත්දා මධ්‍යම රාත්‍රියේ මොවුන් සියලු දෙනා සුවසේ නිදා සිටියදී ශබ්දයක් ඇසී බලනවිට දැවැන්ත වල් අලියකු ජනේලයෙන් වී ගෝනි අදිමින් සිට ඇත.
ඒ මොහොතේ ගෙහිමි කාන්තාව කරුණාවෙන් කී වදන් ඇසීමෙන් පසු රැගෙන යැමට ගත් වී ගෝනි මිදුලෙහි දමා නිවැසියන්ට, නිවසට හෝ ගෙවත්තේ කිසිදු වගාවකට හානි නොකර අලියා අඳුරේම කැළෑව දෙසට ගොස් තිබේ. නිරතුරුව වල් අලි උවදුරට ලක් වන මෙම රොටලවෙල ගම්මානයේදී මීට දින කිහිපයකට පෙර වල් අලියකු පහරදීමෙන් තිලකරත්න නැමති ගොවි මහතකු ද ජීවිතක්‍ෂයට ද පත්විය.

Post a Comment