කාම්බෝජයේ ඛේදවාචකයෙන් මියගිය ගණන 350 ඉක්මවයි

කැමරුච් ගරිල්ලන්ගෙන් පසු දරුණුතම ඛේදවාචකය මෙයයි - ආණ්ඩුව

වැසි සමය අවසාන වීමත් සමඟ පැවති උත්සවය සමරමින් සිටි දහස් දහස් සංඛ්‍යාවක් වූ කාම්බෝජියානු ජාතිකයින් අතර ඇති වූ තෙරපීම නිසා මියගිය ගණන 350 ඉක්මවන බවත් අනතුරින් දහස් සංඛ්‍යාවක් තුවාල ලැබූ බවත් එරටින් ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරයි. එසේම අදාල අනතුර ගැන නිවේදනයක් නිකුත් කරන අගමැති කාර්යාලය කියා සිටියේ 70 දශකයේ ක්‍රියාත්මක වූ කැමරුච් ගරිල්ලන්ගෙන් පසු රට මුහුණ දුන් දරුණුතම ඛේදවාචකය මෙය බවයි. "මම හිතුවේ මමත් ඉවරයි කියලා. ශක්තිය තිබුණ මිනිස්සු කොහොමහරි බේරුණා නමුත් කාන්තාවන් ළමුන් මගේ ඇස් ඉදිරිපිටම මිය ඇදෙනවා මම දුටුවා, " යයි අදාල අනතුර ඇසින් දුටු 27 හැවිරිදි චි ශ්‍රේ ලක් ප්‍රකාශ කළේය.

     අනතුර ගැන අල් ජසීරා නාලිකාව විසින් නිකුත් කළ වීඩියෝ පටය පහත දැක්වේ



Tell a Friend