එම අවස්‌ථාවේ වාට්‌ටුවට පැමිණි ආරක්‍ෂකයකු තමුසෙට බුලත් දීලා යන්න කියන්න ඕනද පවසමින් කමිසයේ කොලරයෙන් අල්ලා පහරදී එළියට රැගෙන විත් තවත් අරක්‍ෂකයින් සිව් දෙනකු සමග ආමානුෂික ලෙස පහරදී ඇත.
දම්මුල්ලේ සේන වී. ගමගේ
රුධිර පීඩනය හා වකුගඩු ආසාදනය හේතුවෙන් රෝහල් ගතව සිටින තම ගැබිනි බිරිඳට පෙ. ව. 6 ට ආහාර රැගෙන වාට්‌ටුව තුළට ගිය තිදරු පියකුට අමානුෂික ලෙස රෝහල් ආරක්‍ෂකයින් පස් දෙනෙකු විසින් පහරදීම හේතුවෙන් එම පුද්ගලයා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ පහර කෑමට ලක්‌ව ඇත්තේ ඇඹිලිපිටිය උඩගම අංක 1655/2 ලිපිනයේ පදිංචි සුසන්ත කොට්‌ටගේ නැමැති අයෙකි.
මීට සති දෙකකට ආසන්න කාලයකදී තම ගැබිනි බිරිඳ ධම්මිකා ජයකොඩි යන අය රුධිර පීඩනය හේතුවෙන් ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඉකුත් 18 වැනි දින පෙ. ව. 6 ට තම බිරිඳට ආහාර රැගෙන වාට්‌ටුවට ගිය සුසන්තට බිරිඳගේ ලේ සාම්පලයක වාර්තාවක් පිටතින් ලබාගෙන එන ලෙස වෛද්‍යවරයා පවසා ඇති බව බිරිඳ විසින් පැවසී මෙන් පසු නියමිත වේලාවට වඩා විනාඩි කිහිපයක් එහි රැඳී සිටීමට සිදුව ඇත.
එම අවස්‌ථාවේ වාට්‌ටුවට පැමිණි ආරක්‍ෂකයකු තමුසෙට බුලත් දීලා යන්න කියන්න ඕනද පවසමින් කමිසයේ කොලරයෙන් අල්ලා පහරදී එළියට රැගෙන විත් තවත් අරක්‍ෂකයින් සිව් දෙනකු සමග ආමානුෂික ලෙස පහරදී ඇත.
සිද්ධිය ඇඹිලිපිටිය මූලස්‌ථාන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සුසන්ත මහතා රෝහල් ගත කොට ඇත. මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ප්‍රදේශවාසී ජනතාව හා ඥතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Post a Comment