Home social "ස්ත්‍රී දූෂක" දුමින්ද සිල්වාට එරෙහිව උද්ඝෝණණයක්
"ස්ත්‍රී දූෂක" දුමින්ද සිල්වාට එරෙහිව උද්ඝෝණණයක්
By Sri Lanka Guardian • November 03, 2010 • feature Politics social • Comments : 0
කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිට ආණ්ඩුවේ මන්තී‍්‍ර දුමින්ද සිල්වාට එරෙහිව අද උද්ඝෝෂණයක් පැවැත්වී තිබේ. ප‍්‍රාදේශීය සභාවේ රියදුරාට මන්තී‍්‍රවරයා ඇතුලූ පිරිසක් පහරදීම මෙය පැවැත්වීමට බලපෑ හේතුව බව උද්ඝෝෂණය අවසානයේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න සෝලංග ආරච්චි හෙළි කර තිබේ. කොටිකාවත්ත එදිරිවීර සරත්චන්ද්‍ර විද්‍යාලයේ පැවති සාහිත්‍ය උත්සවයකදී මෙම ගැටුම ඇති වූ බවත් ඔහු කියා සිටියේය. උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වුණේ කොළොන්නාව ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා පිළිබදව පක්‍ෂය පරීක්‍ෂණයක් කළ යුතු බවය. මෙම චෝදනාව පිළිබදව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා පවසා ඇත්තේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දුෂිත බවත් ඔහුගේ දුෂණ වංචා විමර්සණය කිරීමේදී ඊට විරුද්ධව ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සේවකයන් උසි ගන්වන බවයි. තමන්ගේ ආධාරකරුවන් ප‍්‍රාදේශීය සභාවේ රියදුරාට පහරදුන් බව ඔප්පු කරන්නේ කෙලෙසදැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා වැඩි දුරටත් ප‍්‍රශ්ණ කර සිටියි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment