උවටැන් අනතුරේ- සෑබැ බන්ධනාගාර 5 කොටස

 හර්ෂි සි. පෙරේරා

සුදර්ශනි ප්‍රීයංකාට වයස අවුරුදු 31කි. ඇය දරු දෙදෙනෙකුගේ මවක් වන අතර බද්දේගම පදිංචිකාරියකි. ඇයට බද්දේගම පොලිසියේ නිළධාරින් විසින් පහර දි ව්‍යාජ වෝදනා මත නඩු පවරන ලදි. එහි ප්‍රතිඵලය ලෙස ඇයට වයස අවුරුදු 2 හා මාස 08 වු දියණිය සමග බන්ධනාගාර ගතවිමට සිදුවිය. ඒ 2010. 06. 04 දින රාත්‍රී 8ට පමණය.

ඇයට එම අවස්ථාවේ ක්ලාන්ත ගතියක් දැනුනේ පොලිස් පහරදිම හේතුවෙනි. දෙවන දිනයේදි බන්ධනාගාර නිළධාරිනියක් ඇයට පැවසුවෙි ළමයා හිටියට කමක් නෑ වැඩ කරන්න ඔන යනුවෙන. ඒ අනුව ඇයට කානු සේදිමට, වල්පැල උදුරා දැමිමට, මල් පාත්ති සැකසිමට, හා වැසිකිලි සේදිමටද සිදුවිය.

මෙම බන්ධානාගාර නිළධාරිනිය සෑම රිමාන්ඩිි සිරකාරියක ගෙන්ම වැඩ ගනි. මිට අමතරව බන්ධනාගාර නිළධාරියන් සිය ගෙවල් වල තියෙන කිලුටු රෙදි රිමාන්ඩි සැකකාරියනිට කියා සොදා ගනි. ඔවුන්ට බිමට අවශ්‍යය වතුර ලබා ගැනිමට සිදුවුයේ නාන වතර ටැංකි තිිබු ස්ථාන වලිනි. එවිට බිමට සිදුව ඇත්තේ නාන ජලය සමග මිශ්‍ර වු ජලයයි.

කුඩා දියණිය නිසා සුදර්ශනිට නිදා ගැනිමට ඉඩකඩ ඇති කාමරයක් ලැබි ඇත. අනෙක් අයට නිදා ගැනිමට සිදුව ඇත්තේ එකිනෙකාට හිරව එකම ඉරියවිවෙනි.

එහි අවුරුදු 16 පමණ වු ලංගික අතවරයට ලක්වු ගැහැනු ළමයකු සිටි අතර ඇය නිතරම තමාට අසනිප බව කියමින් බිම වාඩිවේ. එවිට බන්ධනාගාර නිළධාරින් ඇය බොරු කියන බව පවසමින් පහර දේ. පසුව ඇයව වෛද්‍යයවරයකු පරික්ෂා කළ අතර දැන ගැනිමට ලැබුනේ ඇගේ බඩෙ කුඩා විදුරු කටු කැබැල්ලක් ඇති බවයි. තව අවස්ථාවක කාන්තාවක් වැසිකිලිය තුළ වැටිම නිසා ඔලුව පැලුනි. එවිට බන්ධනාගාර නිළධාරින් එය ගණන් නොගත් අතර පැය දෙකකට පමණ පසුව ප්‍රතිකාර ලබා දෙන ලදි.

සුදර්ශනි දින 10 ක් ගාල්ල බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිට ඇත.


Tell a Friend