"ග්‍රාම චාරිකා - මාතර" දෙවන අදියරත් ඉතාම සාර්ථක බව අලි කියති!

එක්සත් ජාතික පක‍ෂය විසින් පවත්වන ග්‍රාම චාරිකා වැඩසටහනේ දෙවන අදියර ඊයේ (07) සහ පෙරේදා (06) යන දිනයන් හී මාතර ආසනයේ දී ඉතා සාර්ථක ලෙස පැවැත් වූ බව එම පක්ෂ සඳහන් කරයි. මෙම ග්‍රාම චාරිකා දෙවන අදියරේ වැඩසටහන සටහන සඳහා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක කරූ ජයසූරිය, මහලේකම් තිස්ස අත්ත්නායක, මංගල සමරවීර, සහකාර ලේකම් සහ මාතර දිස්ත්‍රික් සංවිධායක සාගල රත්නායක ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගි විය. මෙම ග්‍රාම චාරිකා මාතර වැඩ්සසටහනට එක්සත් ජාතික පක්‍ෂිකයන් විශාල පිරිසක් ඉතා උණන්දුවෙන් සහභාගී වී සිටි අතර එක්සත් ජාතික පක්‍ෂය වටා එක් රො වී නව පක්‍ෂ සාමාජිකත්ව විශාල ප්‍රමාණයක් ලබා ගැනීම විශේෂත්වයක් විය. අදාල වැඩසහටනේදී බොහොමයක් එක්සත් ජාතික පාක්ෂිකයින් මහත් උද්යෝගයකින් හැසිරුණ ආකාරය දැක ගත හැකි විය. එසේම එම පක්ෂයේ නායකයාද වෙනදාට වඩා ප්‍රයෝගික වීමට උත්සහ කළ බව සඳහන් වේ. Tell a Friend