සැවොම එක් වී පරිත්‍යාගයේ දිනය සමරමු

ජනතා විමුක්ති පෙරමුණේ හජ්ජි උත්සව දින නිවේදනය

සෝමවංශ අමරසිංහ

ඉස්ලාම් භක්තිකයින් විසින් මහත් බැතියෙන් සමරනු ලබන හජ්ජි උත්සව දිනය අදට (17) යෙදී තිබේ. ඔවුහු අද ඒ වෙනුවෙන් ආගමික උත්සව පවත්වති. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් විසින් ඊබ්‍රාහිම් නබිතුමාගේ භක්තිය පරීක‍ෂා කරන ලද දිනය ලෙසද අද දිනය සැලකෙන අතර අසමසම පරිත්‍යාගයක් සිදු කිරීමට නබිතුමන් විසින් තීරණය කරන ලද්දේ අද දිනයේදී බව ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයයි. එම පරිත්‍යාගයන් සිහිපත් කරමින් ඉස්ලාම් බැතිමත්හු සිය දිවි පෙවෙත හැඩගස්වා ගැනීමට අදිටන් කර ගනිති.

සාමූහිකත්වය, අන්‍යෝන්‍ය සහයෝගය, සහෝදරත්වය ආදී ගුණාංග ගණනාවක් සමාජය තුළ තහවුරු කෙරෙන උත්සවයක් ලෙස හජ්ජි උත්සවය හැඳින්විය හැකිය. එනිසා එවැනි ගුණාංග සමාජය විසින් වැඩි වැඩියෙන් ඉල්ලා සිටින වත්මන් සමාජයේ මුස්ලිම් ජනතාවට මෙන්ම අන් සිය ජනතාවට එය ආදර්ශයකි.

හජ්ජි උත්සවය සමරන සියම ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන්ට ජනතා විමුක්ති පෙරමුණ සිය උණුසුම් සුභාශිංසන පිරි නමයි. Tell a Friend