මහනුවර ප්‍රදේශයේ ගුරුවරියක උගන්වන්නේ නැතිව මාස 119ක් වැටුප් අරන්

සංජය අසේල මතුරට

මහනුවර ප්‍රදේශයේ අධ්‍යාපන කළාපයක ගුරුවරියක් මාස 119 ක කාලසීමාවක් තිස්සේ කිසිඳු ඉගැන්වීමකින් තොරව මසකට රුපියල් 18864 බැගින් රුපියල් 2244816 ක මුදලක් වැටුප් වශයෙන් ලබාගෙන ඇතැයි විගණන වාර්තාවක් මගින් හෙළිදරව් වී තිබේ.

එම අධ්‍යාපන කළාපයේම තවත් ගුරුවරියක්ද මාස 18 ක කාලයක් ඒ ආකාරයටම වැටුප් ලබාගෙන ඇති බව පැවසූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙසේ අයථා ලෙස ලබාගෙන ඇති සියලුම මුදල් අදාළ ගුරුවරියන්ගෙන් ආපසු අයකර ගන්නා ලෙස තමන් නියෝග කොට ඇති බවද කීය. Tell a Friend