රියල් මෙගර් ස්ටාර්ගෙන් රජතුමාට රියල් බාල්දියක්

පොලිස්‌ නිලධාරීන් 600 ක්‌ මරා දැමීම සහ අරන්තලා භික්‌ෂු ඝාතනය ගැන රජයේ ස්‌ථාවරය කුමක්‌ද? - දයාසිරි ජයසේකර ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

පොලිස්‌ නිලධාරීන් 600 ක්‌ මරා දැමීම සහ අරන්තලා භික්‍ෂු ඝාතනය ගැන රජයේ ස්‌ථාවරය කුමක්‌ද? ඒ ස්‌ථාවරය රටට කියලා දේශප්‍රේමීත්වය ගැන කතා කරන්න එන්න. ජාත්‍යන්තරයට ගොස්‌ රටේ ප්‍රශ්න ගැන කතා කිරීමේ සම්ප්‍රදාය මුලින්ම රටට ගෙන ආවේ වාසුදේව නානායක්‌කාර මහතා සහ මහින්ද රාජපක්‍ෂ මහතායි. ඒ 1988-89 කාලයේදී. එතුමාලා ජිනීවා නුවර ගිහින් කළ දෙය නිසා 88-89 තරුණ විනාශය නැවතුනා යැයි කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

හදිසිනීති විවාදයේ දී දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වැදිදුරටත් ජයසේකර මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

ලංකාවේ සිදුවන ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීම ගැන මානව හිමිකම් කඩවීම ගැන ජාත්‍යන්තරයට කිව්වාම ඇති වරද මොකද? නිවාස අමාත්‍යංශයට "යූඩීඒ" එක නැතිවීම ගැන සිංදුවයි වීරවංශ ඇමැතිතුමා මේ කියන්නේ. යූඑන්ඕ එක ඉදිරිපිට වීරවංශ මහත්තයා කරපු උපවාසයට ඇමැතිවරු කී දෙනෙක්‌ දොස්‌ කිව්වද? ආධාර නැති වෙනවා කිව්වද? බෑන් කී මූන් එක්‌ක අපි කතා කළොත් දේශද්‍රෝහීයි. ඒත් එයා එක්‌කම වීරවංශ මහත්තයා කතා කළොත් දේශප්‍රේමියි. ත්‍රස්‌තවාදය නිමාවී ඇති නිසා හදිසි නීතිය තවදුරටත් ලිහිල් කරන්න. Tell a Friend