පෑලියගොඩ විජය කුමරතුංග මාවතේ තට්ටු 05ක ගොඩනැගිල්ලේ ඇති හමුදා ඒකකය කාගේද ?

පෑලියගොඩ විජයකුමාරතුංග මාවතේ ඇති මහල් 05කින් යුතු ගොඩනැගිල්ලක පිහිටුවා ඇති ගජබා රෙජිමේන්තුවේ ඒකකයක් මගින් මෑතක සිට කිසියම් තොරතුරු එකතු කිරීමක් සිදුකරගෙන යන බවත් මේ තොරතුරු ප‍්‍රසිද්ධ පුද්ගලයින්ගේ නොවන බවත් එක්තරා දේශපාලන පක්‍ෂයක බිම්මට්ටමේ සාමාජිකයින්ගේ ෆයිල් මෙම ස්ථානයේ සැකසෙමින් පවතින බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. එම ආරංචි මාර්ගවලට අනුව ගෝඨාභය රාජපක්‍ෂ විසින් මෙහෙය වන මෙම ඒකකය තුළින් මේ දිනවල අතිශය පෞද්ගලික තොරතුරු රාශියක් සැකසෙමින් පවතින බවත් මේවා අනාගකයේ යම් අවස්ථාවක භාවිතා කිරීමට එකතු කරන බවත් එම සේවාවෙන්ම සපයන තොරතුරු අනුව අනාවරණය වී තිබේ. Tell a Friend