සිංහල වර්ගවාදය වපුරමින් සිටි විමල්ගේ පක්ෂ කාර්යාලයකට ගිනි තබති

 මුලිම් ජාතිකයින් ගිනි තැබුවේද?

අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබූ ජාතික නිදහස්‌ පෙරමුණේ එරාවූර් ශාඛා කාර්යාලයට කිසියම් පිරිසක්‌ විසින් ගිනි තබා ඇත. අදාල කාර්යාලය නැගෙනහිර පළාත තුළ සිංහල වර්ගවාදය ව්‍යාප්ත කරමින් ජාතික අසමගිය සහ නොසන්සුන්තාවය ඇති කිරීම වෙනුවෙන් කටයුතු කළ බව අදාල ප්‍රදේශයේ වෙසෙන මුලිම් ජාතිකයෙකු අප සමඟ පැවසීය.

කෙසේ වෙතත්, මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ එරාවුර් පොලිස්‌ වසමට අයත් පුන්නක්‌කුඩා වීදියේ පිහිටා තිබූ මෙම කාර්යාලයට ඊයේ (4 දා) දහවල් 11.45 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක්‌ විසින් ගිනි තබා ඇති බවට එරාවුර් පොලිසියට පැමිණිලි කර ඇත.
Tell a Friend