මහින්ද අත්අඩංගුවට ගතහොත් මැදිහත් වෙන්න බෑ - බ්‍රිතාන්‍ය

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් බිබිසී යට කිව්වෙලු

ලබන දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අධිකරණ ක්‍රියාදාමයකට අනුව යුද අපරාධ චෝදනා මත බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගතහොත් බ්‍රිතාන්‍යයට ඊට මැදිහත්වීමක්‌ කළ නොහැකි බව එරට විදේශ ලේකම් විලියම් හේග් මහතා ඉකුත් 16 වැනිදා (අඟහරුවාදා) බ්‍රිතාන්‍ය බීබීසී රූපවාහිනිය සමඟ පැවැති සාකච්චාවකදී සඳහන් කර තිබෙන බව උපාලි පුවත් පත ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන දිවයින පුවත් පත වාර්තා කළේය. බ්‍රිතාන්‍යයේ ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියේ සිංහල සංගමයේ ආරාධනාවකට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම සංචාරයට එක්‌වීමට නියමිතව ඇති බව එම පුවත් පත වැඩි දුරටත් වාර්තා කරයි.

අදාල පුවත්පත රජයේ ප්‍රවාහන ඇමති වරයෙකු වන වෙල්ගම මහතාගේ සොහුයුර වන නිමල් වෙල්ගම මහතාට අයත් පුවත් පතකි. Tell a Friend