නොටෝ සංවිධානය ඔබාමාගේ සැලසුමට එකඟ වෙයි


ඇෆ්ගනිස්ථානයෙන් නොටෝ සංවිධානයේ හමුදා භට පිරිස් 2014 දී ඉවත් කර ගැනීමට මීට සුළු වෙලවකට ප්‍රථම අවසන් වූ නොටෝ සංවිධානයේ රටවල සාමාජිකයින්ගේ හමුවීමේදී තීරණය කෙරුණි. ඒ අනුව 2014 දක්වා පමණ දැනට එහි ස්ථානගත කොට සිටින 150,000 ක් පමණ සෙබළුන් ඉවත් කර ගනු ඇති. ඊට 100,000 පමණ ඇමෙරිකානු සෙබළුන්ද අයත් වේ. අදාල යෝජනාව සම්මත වීම මිට පෙර ජනධිපති ඔබාමාගේ සැලසුමට සහය වීමක් ලෙස ප්‍රකාශ වේ. අදාල සමුළුව සඳහා ඇෆ්ගන් ජනපති හමීඩ් කර්සායි සහ නේටෝ සාමජික රටවල් 28 ක් නියෝජිතයෝ සහාභාගි වූහ. Tell a Friend