රංගේ බණ්ඩාර ජෝන්ට බැන වදියි!

ජෝන් රංගේට ගහන්න පනියි!

වාර්තා වන අන්දමට පසුගියදා එජාපයේ සාමාජිකයින් අතර පැවති අර්බුධය මෙයයි. තමාට මාරාන්තික තුවාල සුදු කළ කෙනාට දුන් දඬුවම පිළිබඳ ඇසූ පාලිත රංගේ බණ්‌ඩාරට යකා නැග්ගේය. අපි පක්‍ෂය වෙනුවෙන් ජීවිතය පවා අවදානමට තියලා වැඩ කරපු පිරිසක්‌. මම පුත්තලමේ ජීවිත පරිත්‍යාගයෙන් පක්‍ෂය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්‌. මට මාරාන්තික තුවාල කළා. මරන්නට බලාගෙනයි පහර දුන්නේ. ඒත් පක්‍ෂය බොරු විනය පරීක්‍ෂණයක්‌ දීලා දඬුවමක්‌ දීල තියෙනවා වරදකරුට. ඒත් මොකක්‌ද ඒ දඬුවම. දඬුවමක්‌ දෙන්න ඕන වරදකරුවකුට දැනෙන විදියට. මම ඔය බොරු දඬුවම පිළිගන්නේ නැහැ. මම දන්නවා මහ ලේකම් තිස්‌ස අත්තනායකට ඕන විදියටයි වැඩ කෙරෙන්නේ. එයා සම්බන්ධයි මේ තීන්දුවට....

රංගේ බණ්‌ඩාර කීවේ ශාන්ත අබේසිංහව පක්‍ෂයෙන් නෙරපා හැරිය යුතු බවය. එහෙත් දයා පැල්පොල එහි නීතිමය ගැටලු පැහැදිල කරමින් දුන් තීන්දුවේ සාධාරණත්වය ගැන තර්ක කළේය. ඒ මොහොතේ ඊට මැදිහත් වූ ජෝන් අමරතුංග කීවේ ශාන්තත් රංගේ බණ්‌ඩාරත් අතර පවතින පුද්ගලික ප්‍රශ්නයකට පක්‍ෂයෙන් දැඩි දඬුවම් ලබාදීම කළ නොහැකි බවය.

මේක ඔයාලගේ පුද්ගලික ප්‍රශ්නයක්‌. ඔයාල ඒක විසඳගන්න. පක්‍ෂය ගාවගන්න එපා. පක්‍ෂයට එරෙහිව නඩු 169 ක්‌ තියෙනවා. අපිට ඒවායින් නිදහස්‌ වෙන්න ඕන. තව තව නඩු පටලවා ගන්න බෑ. මේ මොහොතේ පාලිත රංගේ බණ්‌ඩාර හා ජෝන් අමරතුංග අතර ලොකු කලහයකට මගපෑදිනි. පාලිත ජෝන්ට බැන වැදුණේ මෙසේ කියමිනි. ආණ්‌ඩුවේ සල්ලි අරගෙන රට යන මිනිස්‌සුන්ට අපේ ප්‍රශ්න වැටහෙන්නේ නැහැ. ආණ්‌ඩුවේ කොන්ත්‍රාත් කර කර පක්‍ෂය විනාශ කරනවා.

ජෝන්ටද යකා නැග්ගේය. ඔහු නැගිට රංගේට ගහන්නට ඔහු ළඟටම ගියේය. ඒ මොහොතේ රන්ජන් රාමනායක මැදට පැන ජෝන්ව අල්ලා ගත්තේය. රන්ජන් සාගල හා රවී සමරවීර මැදට පැන ජෝන්ව අල්ලා නොගත්තේ නම් ලොකු ප්‍රශ්නයක්‌ ඇති වෙන්නට ඉඩ තිබිණි. අවසානයේ ජෝන් අමරතුංගගේ ප්‍රශ්නය නිසා රංගේ බණ්‌ඩාර නැඟිට යන්නට ගියේය. ඔහු ගියේ රනිල්ටත්, තිස්‌සටත් ජෝන්ටත්, ශාන්ත අබේසිංහටත් මදි නොකියන්නට බැණ වදිමිනි...

Tell a Friend