කතුරු පහර කෑ දැරියට අසාධ්‍යයි සැකකාර බාප්පාද වස බී රෝහලේ

නෙල්සන් ගල්ඇටුඹගේ

බෙලිඅත්ත පොලිස්‌ වසමේ හඳපාන්ගොඩැල්ල ප්‍රදේශයේදී 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ඇයගේ බාප්පා කෙනෙකු විසින් කතුරකින් ඇනීම හේතුවෙන් එම ශිෂ්‍යාව බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති අතර සැකකරුද වස පානය කොට එම රෝහලටම ඇතුළත් කොට ඇත.

මෙසේ කතුරකින් ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇත්තේ නාකුළුගමුව හඳපාන්ගොඩැල්ල සියඹලාගහවත්ත ලිපිනයේ පදිංචි හ/රඹුක්‌කැටිය කනිටු විදුහලේ 9 වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. සැකකරු තුවාල ලබා ඇති පාසල් ශිෂ්‍යාවට අයුතු යෝජනාවක්‌ කර ඇති අතර ඇය ඊට අවනත නොවීම නිසා ඊට උරණවී මෙසේ ශිෂ්‍යාවට කතුරෙන් ඇන තිබේ. සැකකරු ශිෂ්‍යාවට කතුරු පහරවල් කිහිපයක්‌ම එල්ල කොට ඇත.

අවිස්‌සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන විජිත් කුමාරගම නමැති සැකකරු රෝහලේ සිටියදීම මෙම 18 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහෙස්‌ත්‍රාත් විසින් පෙරේදා (11 දා) නියෝග කරන ලදී. Tell a Friend