නැවත පදිංචි කිරීම හරිම අමාරුයි - කොහෝන නඩත්තු කළ වෙබ් අඩවිට කොහෝන කියයි

යුද්ධයෙන් පසු, ශ‍්‍රී ලංකාව සතු ප‍්‍රධානතම අභියෝගය අවතැන් වූ ජනතාව යළි පදිංචි කරවීම බව, එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන ප්‍රකාශ කොට ඇත. පාලිත කොහෝනගේ ප්‍රසිද්ධිය උදෙසා විදේශ අමාත්‍යංශයේ මුදල් යටතේ නඩත්තු කෙරුණු කේ. ටි. රජසින්හන්ගේ ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, නැගෙනහිර පළාතේ එම අභියෝගය ජය ගැනීමට රජය සමත් වූ බවයි. නමුත් අපගේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ නැගෙනහිර පළාතේ තවමත් නැවත පදිංචි කිරීමේ කටයුතු ඉතුරු වී ඇති බවයි.

කෙසේ වෙත්ත නැගෙන හිර පළාතේ නැවත පදිංචි කිරීම් සඳහා ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලැබුණු බව, ආචාර්ය කොහොන සිහිපත් කළා. වර්ග කිලෝමීටර 402ක් පමණ වන භූමි ප‍්‍රදේශය බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවමත් සිදුවන බව පෙන්වා දුන් ඔහු කියා සිටියේ, එම ප‍්‍රදේශවල ද අවතැන්වූවන් යළි පදිංචි කරවීම රජයේ උත්සාහය බවයි. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් විසින් ඇති රූ බිම් බෝම්බ සියයට 70ක ප‍්‍රමාණයක් ඉවත් කර අවසන් බව හෙතම කියයි. එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන තව දුරටත් සඳහන් කළේ, දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ජනතාවට සාමය මෙන්ම සෞභාග්‍යය ද උදාකරදීම රජයේ අරමුණ බවයි. Tell a Friend