කලකදී දේශපාලන අවියක් වූ "බොල්" සුදු කොඩි නඩුවේ මාධ්‍ය අරගලය

ඒ. ඡේ. ඒ. අබේනායක


සන්ඩේ ලීඩර් පුවත්පත හැර අන් සියලූ පුවත්පත් කියවීමට නොව මාළු එතීමට සුදුසු බවට කතුවැකියකින් පෙන්වා දුන්නා ප්‍රෙඩ්රිකා ජෑන්ස්‌ සාක්‌කි විභාගයේදී කියයි

තමා ප්‍රධාන කර්තෘ ධුරය හොබවන සන්ඩේ ලීඩර් පුවත්පත හැර ලංකාවේ පළවන අන් සියලු පුවත්පත් කියෑවීමට නොව මාළු එතීමට සුදුසු බව තමා 2010 ඔක්‌තෝබර් 17 වැනි දින සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවැකියෙන් පෙන්වා දුන්නේ යෑයි සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා සැන්ඩ්‍රා කාමෙලා ජෑන්ස්‌ මහත්මිය ඊයේ (02 වැනිදා) කොළඹ මහාධිකරණය හමුවේදී පැවැසීය.

සුදුකොඩි නඩු විභාගයේදී තමා ලබාදෙන සාක්‍ෂි තමාට අවශ්‍ය ආකාරයට එම පුවත්පත් පළ නොකිරීම නිසා නඩුව වාර්තා කරන මාධ්‍යවේදීන් බියවැද්දීමේ අරමුණින් ශදම ඉමහ එයෑ කසැ යන සිරස්‌තලය යටතේ කතුවැකිය තමා නොලියූ බව ඇය වැඩිදුරටත් පැවැසුවාය.

මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේදී සුදු කොඩි රැගෙන යුද හමුදාවට භාරවීමට පැමිණි එල්. ටී. ටී. ඊ. නායකයන් වෙඩි තබා මරා දමන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා විසින් නියෝග කොට ඇති බවට සන්ඩේ ලීඩර් පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවැසුවේ යෑයි කියා සිද්ධියට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගයේදී විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතාගේ හරස්‌ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ප්‍රෙඩ්රිකා කාමෙලා ජෑන්ස්‌ මහත්මිය එලෙස පැවැසුවාය.


2009.12.08 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී සන්ඩේ ලීඩර් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ජාතිවාදි හැඟීම් ඇති කරන එවැනි තොරතුරක්‌ සැපයීම මගින් රජය කෙරෙහි මහජන විරෝධතාවක්‌ ඇති කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා තුනක්‌ යටතේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර ඇති එම නඩුවේ සාක්‍ෂි විභාගය මහාධිකරණ විනිසුරු දීපාලි විඡේසුන්දර (සභාපති) ඩබ්ලිව්. එම්. පී. බී. වරාවැව සහ එම්. ඉසෙඩ් රාෂින් යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ඊයේ (2 දා) පෙරවරුවේ කැඳවිණි.

එහිදී විත්තියේ නීතිඥ නලින් ලද්දුව හෙට්‌ටි මහතාගේ හරස්‌ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හත්වන දිනටත් ඉංග්‍රීසි භාෂාවෙන් සාක්‌ෂි දුන් ප්‍රෙඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය

විත්තිය



ඔබගෙන් පසුගිය දිනයේදී මම අමල් ජයසිංහ ගැන ඇසුවා මතකද

සාක්‍ෂිකාරිය

ඔව්

විත්තිය - ඔබ කලින් කිව්වේ අමල් පෙරේරා කියලා කෙනෙක්‌ ගැන. ඔබ අමල් ජයසිංහ මහතාව හොඳට අඳුනනවා. එදා සාක්‍ෂි ඉවර වෙලා යන විට අමල් ජයසිංහ මහතාට කෙටි පණිවිඩයකුත් ඇරියා.

සාක්‌ෂිකාරිය - ඔව්

විත්තිය - ඔබ අමල් ගැන ලියුවේ ඔබ අපේක්‍ෂා කළ සම්මානය නොලැබුණු නිසයි.

ඔබ පුවත්පත් කතුවරුන්ගේ සංසදයෙන් අයෑදුම් කළ සම්මානය ගැන බොහෝ බලාපොරොත්තු තියාගෙන හිටියා.

සාක්‍ෂිකාරිය - ඕනෑම මාධ්‍යවේදියකු තමන්ගේ සේවය අගය කිරීම අපේක්‍ෂා කරනවා.

විත්තිය - ඔබ සම්මානයක්‌ ගන්න ලොකු ආසාවකින් හිටියා.

සාක්‍ෂිකාරිය - එය පත්තරයට ලැබෙන සම්මානයක්‌.

විත්තිය - ඔබ 2002 වසරේදීත් මේ සම්මානය සඳහා ඉල්ලුම් කළා නමුත් ඒ අවුරුද්දෙත් ලැබුණේ නැහැ.

සාක්‍ෂිකාරිය - ඔව්

විත්තිය - ඒ අවස්‌ථාවේදී ඔබ අමල් ජයසිංහ මහත්තයාට විරුද්ධව කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කළා.

සාක්‍ෂිකාරිය - අමල් ජයසිංහට විතරක්‌ නොවේ තවත් දෙන්නෙකුට විරුද්ධවයි. මට ආපසු ලබාදිය යුතු ලිපි ගොනුවක්‌ නොලැබීමක්‌ ගැනයි ඒ පැමිණිල්ල දැම්මේ.

විත්තිය - ඔබගේ ලිපි ගොනුව සොරාගෙන ඔවුන් ඔබට සම්මානය අහිමි කළා කියලා තමයි ඔබ පොලිසියට ඒ පැමිණිල්ල දැම්මේ.

එම අවස්‌ථාවේදී පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය පොලිස්‌ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතා එම පැමිණිල්ලේ අන්තර්ගතය පිළිබඳව විමසීම ගැන විරුද්ධත්වය දක්‌වයි.

සාක්‍ෂිකාරිය - මගේ පැමිණිල්ල වුණේ මගේ ලිපිගොනුව අතුරුදන් වීමක්‌ ගැනයි.

විත්තිය - ඒ ගැන පොලිසිය පරීක්‍ෂණයක්‌ කළ බව ඔබට දැනගන්න ලැබුණාද?

සාක්‍ෂිකාරිය - නැහැ

විත්තිය - පසුව ඒ ලිපිගොනුව ඔබේ කාර්යාලයේ පෙට්‌ටියක්‌ ඇතුළේ තිබී හමුවුණා නේද?

සාක්‍ෂිකාරිය - ඔව්

විත්තිය - එය ඔබගේම කාර්යාලය නේද?

සාක්‍ෂිකාරිය - ඔව්. නමුත් එය හමුවුණේ වෙනත් කතුවරයකුගේ මේසයක්‌ උඩ තිබිලා.

2008.10 මස කර්තෘ සංසද සම්මානය සඳහා මුද්‍රණය කළ සමරු පළක විත්තියේ නීතිඥවරයා - අධිකරණයට වි. 5 ලෙස ලකුණු කොට ඉදිරිපත් කරයි

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩා මහතා

මෙම ලිපිය නිසි සාක්‍ෂිකරුවන් කැඳවා ඔප්පු කරනවා නම් එයට යටත්ව එය ඉදිරිපත් කරනවාට මගේ විරුද්ධත්වයක්‌ නැහැ.

සාක්‍ෂිකාරිය - මට පැමිණිල්ලක්‌ කරන්න කීවේ ලසන්ත වික්‍රමතුංග මහතායි.

විත්තිය - ඒ සමරු කළඹ මුද්‍රණය කළේ 2008 සම්මාන සඳහා නේද?

සාක්‍ෂිකාරිය - ඔව්

විත්තිය - පසුගිය දිනයේ ඔබ අධිකරණයේදී සාක්‌ෂි දුන්නා. ඊට පසු අද දක්‌වා සන්ඩේ ලීඩර් පත්‍ර තුනක්‌ මුද්‍රණය කොට ප්‍රකාශයට පත්කළා. ඉන් ඔබ මේ නඩුqව වාර්තා කර තිබෙන අයුරු දොස්‌ පවරමින් ප්‍රකාශ කොට තිබෙනවා.

සාක්‍ෂිකාරිය - ඔක්‌කෝටම නෙමෙයි. විජය පුවත්පත් සමාගමට විරුද්ධව විතරයි මම ලිව්වේ. මම ඩේලි මීරර් පුවත්පත සහ සන්ඩේ ටයිම්ස්‌ පුවත්පත ගැන ලිව්වා.

විත්තිය - සුමාන තුනේම ඔබ ලිව්වේ ඒ පුවත්පත් දෙක ගැන විතරද?

සාක්‍ෂිකාරිය - ප්‍රධාන වශයෙන් ඒ දෙක ගැනයි. සති 2 ක්‌ එම පුවත්පත් දෙක නඩුවේ කරුණු විකෘති කර පළකර තිබෙන බව ලිව්වා.

විත්තිය - ඔබ ලංකාදීප, ලක්‌බිම, දිවයින පුවත්පත් ගැනත් සඳහන් කළාද?

සාක්‍ෂිකාරිය - අයිලන්ඩ් පුවත්පත නිවැරදි ලෙස වාර්තා කොට ඇති බව මම ලිව්වා.

විත්තිය - හොඳට කල්පනා කරලා බලලා කියන්න ඔබ අයිලන්ඩ් පුවත්පත හරියට ලියලා තිබෙනවා කියලා ලිව්වාද? පසුව කියන්න එපා අමතක වීමක්‌ වුණා කියලා.

විත්තියේ නීතිඥවරයා මෙම අවස්‌ථාවේදී 2010 ඔක්‌තෝබර් 24 සන්ඩේ ලීඩර් පුවත්පත වී. 6 ලෙස නම්කර ඉදිරිපත් කරයි. එහි 12 පිටුව වි .6 ඒ ලෙස ලකුණු කොට ඉදිරිපත් කරයි. එහි 12 පිටුවේ ඩේලිමීරර් පත්තරය ඔබගේ නඩුව හරියට වාර්තා කරලා නැහැ කියලා සුමායා සමරසිංහ නමින් ලිපියක්‌ පළකරලා තිබෙනවා නේද?

සාක්‍ෂිකාරිය - ඔව්

අයිලන්ඩ් පුවත්පත එක්‌ අවස්‌ථාවක වැරදියට වාර්තා කරලා තිබුණා.

ඒ පිටුවත් ඔබගේ අනුදැනුම නැතුවද පළ කළේ.

විනිසුරු මඩුල්ල - යම් පුවත්පතක්‌ නඩුව ගැන ලියන දෙයක්‌ වැරදි නම් ඒ ගැන උසාවියට කියන්න ඕන. නමුත් එහෙම ඔබට ඔබගේ පත්තරයට ලියන්න බැහැ.

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතා

ඒ ගැන ඔබතුමන්ලා සාක්‍ෂිකාරියට අවවාදයක්‌ කරනවාට මම විරුද්ධ නැහැ. ඇය ලියලා තිබුණේ එක්‌ පුවත්පතක්‌ ඇගේ නඩුව විකෘති කරලා ලියන බවයි.

(එලෙස නොකරන ලෙස විනිසුරු මඩුල්ලේ සභාපති දීපාලි විඡේසුන්දර මහත්මිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ල මෙම අවස්‌ථාවේදී සාක්‌ෂිකාරියට තරයේ අවවාද කරයි.)

විත්තිය - 2010 ඔක්‌තෝබර් මස 17 වැනිදා ඔබ පුවත්පතින් ඔබ ලියූ කතුවැකිය බලන්න. ඉන් කියෑවෙන්නේ සන්ඩේ ලීඩර් පුවත්පත හැර අනිත් ඔක්‌කොම පුවත්පත් කියවන්න නොව මාළු ඔතන්න හොදයි කියලා නේද?

සාක්‍ෂිකාරිය - ඔව්

විත්තිය - මේ වාර්තාව ලිව්වේ සුමායා සමරසිංහ කියලා කෙනෙක්‌. කවුද ඇය.

සාක්‍ෂිකාරිය - ඇය මගේ පත්තරේ වැඩකරන කෙනෙක්‌.

විත්තිය - මොනවද ඇගේ විෂය පථය. ඇයට පැවැරී තිබෙන්නේ මොන වගේ ප්‍රවෘත්ති ආවරණය කරන්නද?

සාක්‍ෂිකාරිය - ඇය ලියන්නේ කලා කටයුතු ගැනයි. ඇය ප්‍රධාන වශයෙන්ම කලා කටයුතු ගැන ලියනවා. ඇය උප කතුවරියක්‌.

විත්තිය - මේ පිළිබඳව ලිපියක්‌ ලියන්න කිව්වත් ඔබගේ ආයතනයේ වෙන කිසිම කෙනෙක්‌ මේ ලිපිය ලියන්න බැහැ කිව්වා නේද?

සාක්‍ෂිකාරිය - ඔක්‌කොම නොවේ.
Tell a Friend