පාරේ ගමන්ගත් ත්‍රිරෝද රිය මත ගසක්‌ කඩාවැටී ගුරුවරිය මියයයි

ධම්මික රණවීර

පාරේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක්‌ මතට පෙරේදා (30 දා) සවස මුලටියන-පස්‌ගොඩ මාර්ගයේ දියඇල්ල අසලදී දිරාගිය ගසක්‌ කඩාවැටීම නිසා එහි ගමන් ගත් පාසල් ගුරුවරියක මියගොස්‌ තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත්කොට ඇත. එලෙස මියගොස්‌ ඇත්තේ දෙයියන්දර, කැටපලකන්ද පදිංචිව සිටි එස්‌. එච්. ඒ. රංගිකා (29) නමැති පාසල් ගුරුවරියකි. ඇය දෙදරු මවක්‌ ද වූවාය. එම අවස්‌ථාවේ ත්‍රීවීලරයේ සිටි ඇයගේ කුඩා දියණියකගේ දිවි බේරී ඇත.

අනතුර නිසා තුවාල ලබා ඇත්තේ එහි ගමන් ගත් තවත් පාසල් ගුරුවරියක සහ ත්‍රීවීල් රියෑදුරාය.

මාවරල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි. Tell a Friend